තෑගි ප්‍රදානෝත්සවයත් ඉවර වෙලා සාමාන්‍ය විදිහට ආයේ ලෙක්චර්ස් පටන් ගත්තා ........
" ඒ මට නම් දැන් ඉගෙන ගන්න විදිහ අමතකයිත් වගේ........"
" ඒ මට නම් දැන් අකුරු ලියන්නවත් මතක නෑ........"
ඇත්තටම science week එකෙන් පස්සෙ නම් ඉගෙන ගන්න හැමෝටම කම්මැලී හිතිලා තිබුනේ.....
" ඇත්තටම බන් අපි මේ කැම්පස් ඇවිත් ඉගෙන ගන්න එකේ තේරුම මොකක්ද බන්??"
ඕන් ඉතිම් නද්දා...... ඕකට හිටපු ගමන් මැරිච්ච හාමුදුරු නමක්ද කොහෙද ආරූඩ වෙනවා.......
" ඕන් ඉතිම් පටන් ගත්තා ........"
මට විතරක් නෙමේ තෙයුරිටයි අයුමිටයිත් මේ වැදි බණ නම් දැන් අවුරුදු ගාණක ඉඳලා පුරුදුයි ........
" නෑ උඹලම හිතපන්කෝ...... අපි මේ ඔක්කොම කරන්නේ..... හු#ගන්නනේ ....."
" මොකක්ද යකෝ ඒ කිව්වේ??"
" නෑ අපි මේ ඉගෙන ගෙන..... රස්සාවක් හොයන්......... සල්ලි හොයන්නේ.... කසාදයක් බැඳලා හු#න්නනේ........."
" ඉදකින් බන්........."
" අනිත් සත්තු අපිට හිනා වෙනවා ඇති ..... හු#ගන්න අපි විඳින්න ඕනි දුකට....... ඕවට රැවටෙන්න නරකයි අපි..... ඕක මේ මොලෙන් දෙන රසායනික ආතල් එකක් ...... හැම දේම අනිත්‍යයි....... මං කියන්නේ ඉගෙන ගන්න ඕනි නෑ ...... ඒකත් අනිත්‍යයි......."
" උඹට නෙතිරු අයියට කියලා රසායනික ආතල් එකක් දුන්නා නම් ...... අනිත්‍ය මෙනෙහි වෙයි....... "
මං නද්දගේ කනට කරලා කිව්වේ අයුමිටයි තෙයුරිටයි ඕවා කියලා වැඩක් නැති නිසා ......
" එතකොට නම් මචං..... අනිත්‍ය විතරක් නෙමේ ....... ආර්‍යාෂ්ටාංගික මාර්ගයම අවබෝධ වෙයි......."
" ඉඳකින්...... උඹෙත් මහා පු# බණ තියෙන්නේ ....... "
" ඔව් නදුන්..... උඹ මේ ඔක්කොම අනිත්‍යයි කියලා දමලා ගහලා ගිහින් මහන වෙයන්..... නැත්නම් උඹේ ඔය බණ අහලා අපි තුන්දෙනාට සසර කල කිරෙනවා......."
" මේ සති අන්තේ සින්නො අපිව පන්සල් එක්කන් යනවා කියලා සුදු ඇඳුමක් හොයලා තියාගන්න කිව්වා....."
YOU ARE READING
නුඹ සිඹින්නේ මගෙ සිත විතරද?
Romanceදුක සිතෙන්නේ අපටම පමණද තව සුසුම් වල උණුසුම මොකටද මට තියෙන්නෙ තනිකම තනියට ඔබ සිඹින්නෙ මගෙ සිත විතරද සසින් චාරුක