06

280 27 9
                                    

" මල්ලිලා..... හොස්ටල් එකට ගිහින් කාලා නාලා වරෙල්ලා.... අද රෑට ඕනි බඩුත් අරන් අපේ කාගෙහරි බෝඩිමක ඉන්න පුලුවන් ........"

හෙට ඉතිම් අපේ science week එක පටන් ගන්නවා.... අපි බැජ් එකක් විදියට මූණ දෙන පළවෙනි function එක නිසා අපේ උන් ටික නම් හිටියේ ආසාවෙන්.... හෙට පෙරහැර යන්න කලින් ඇතුල්වීමේ  ගහන්න ඕනි තොරණ හදන්න රෑ වෙනකම්ම ඉන්න ඕනි නිසා අපිට අද නවතින්න වෙන්නේ සීනියර් අයියලගේ බෝඩිමක......

කිව්වත් වගේ මෙහෙ හොස්ටල් හම්බෙන්නේ 1st yrsලටයි..... 4th yrsලටයි විතරයි ....... ඉතිම් අනිත් අය ඉන්නේ කැම්පස් එක අවට තියෙන බෝඩින් වල..... හොස්ටල් එකට 8න් පස්සේ ඇතුල් වෙන්න බැරි නිසා අද අපිට සිද්ද වෙනවා රෑ බෝඩිමක නවත්තන්න ........

" අඩේ බෝඩිමේ ඉද්දි අපිව රැග් කරයිද බන්??"

" මං හිතන්නෑ..... එයාලත් මහන්සි වෙලානේ ඉන්නේ...."

" එහෙම උනොත් හොඳයි නැත්නම් එපා වෙයි...."

ඉතිම් සීනියර් අයියලා කියපු විදිහටම අපි 12ට විතර හොස්ටල් එකට ගිහින් නාලා කාලා 3 විතර වෙද්දි කැම්පස් එකට ආවා.....

" ආ මල්ලිලා ආවද.... වරෙන්කෝ උඹලට වැඩ බෙදලා දෙන්න ......."

මෙනුල අයියා කතා කරද්දි මං වට පිට බැලුවේ දිනුග අයියවයි .... නෙතිරු අයියවයි හොයන්න.... නෑ ඉතිම් ඇත්තටම කිව්වොත් දිනුග අයියව තමා හෙව්වේ.... 😌

" සසින් මල්ලිට ආර්ට් පුලුවන් නේද??"

" ඔව්..... ටිකක් ......."

ස්කෝලෙ කාලේ මං චිත්‍ර competition වලින් දිනලා තියෙන නිසා මෙනුල අයියට මතක ඇති ....

ස්කෝලෙ කාලේ මං චිත්‍ර competition වලින් දිනලා තියෙන නිසා මෙනුල අයියට මතක ඇති

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( සසින් චාරුක )

" ආ ඒක හොඳයි ..... මල්ලි මේක තමා අපි මෙදාපාර ගහන්න යන්නේ.... මේක බලලා මට කියන්නකෝ මොන මොන වගේ බඩුද ඕනි වෙන්නේ කියලා ...."

නුඹ සිඹින්නේ මගෙ සිත විතරද?Where stories live. Discover now