( අයුමි Pov )
“ අයූ අපි අද කන්නේ මොනාද??”
“ අද නම් බත් කන්න බෑ වගේ තෙයූ... එපා වෙලා මට ඔය කඩේ වෙජ් බත්ම කාලා...”
“ එහෙම කියන්න එපා අනේ මං සරවනබවනේ කඩල හොද්දට මාරම ආසයී.....”
“ එහෙමනම් ඔයා බත් එකක් කන්න තෙයූ.. මං රෝලස් එකක් කාලා කිරි එකක් බොන්නම්....”
“ අනේ... වෙනදත් අපි දෙන්න එක බත් එකක්නේ කන්නේ... මට එකක් තනියම කන්න බෑ වැඩියි....... මාත් සමෝසා එකක් කාලා කුක්කු එකක් බොන්නම්.......”
“ එපා දරුවෝ ගෑස් එයි....”
“ නෑ.... නෑ........ ඇයි වදේ ඔයාට පුලුවන් නම් ඇයි මට බැරි.....”
“ හරි කන්නකෝ.... හැබැයි රෑට ගැවිස්කෝන් බිබී දහට වන්නම් නටන්න බෑ හරිද??”
“ හරි හරි ලොකු මැඩම්.........යමුකෝ බඩගිනියි...”
මං තෙයුරිට බත් කන්න බෑ කිව්වේ මේ ටිකේම මට බත් කාලා එපා වෙලා හිටපු නිසා... ඇත්තටම මට එක දිගට බත් කන්න බෑ... එපා වෙනවා... අනික දවල්ට හොඳට කෑවම හවස ලෙක්චර්ස් වලට ඉන්න බෑ... නින්ද යනවා... ඒ උනාට ඉතිම් මට වගේ නෙමේ තෙයුරිට... එයාට පොඩ්ඩ බැරි වෙද්දි ගෑස්ටික් හැදෙනවා..... ඒ නිසා එයාට තුන් වේලම වගේ බත් කන්න ඕනි......
අපි හැමදාම කන්න යන්නේ ඉතිම් කැම්පස් එක ඉස්සරහා තියන සරවනබවන් කඩේට... ඒකට හැමදාම යන්නේ කෑම රස නිසා කියලා හිතුවද??? නැ නෑ... අපේ සීනියර්ස්ලා අපිට අවසර දීලා තියේනේ ඒ කඩෙන් කන්න විතරයි... ඇත්තටම ඒ කඩෙන් කාපු මුල් කාලේ හැමෝටම දරුණු විදිහට පාචනයක් හැදුනා... දැන් නම් බඩවල් ඒකට පුරුදු වෙලා තියෙන්නේ... ඒත් මට නම් එක දිගට ඒකේ බත් එක කන්න අමාරුයි....
අපි කඩේ ඇතුලට ගිහින් කන්න කෑම තොර තෝර ඉද්දී එතෙන්ට ගාල කඩා ගත්ත හරක් රෑනක් වගේ ආවේ ලෝ එකේ ෆස්ට් ඉයර්ස්ලා සෙට් එක... ෆස්ට් ඉයර්ස්ලා කියලා නෑ.. උන් නම් අපි වගේ ගොන් විදිහට අඳින්නෑ.. දිග සාය ඇන්දත් අඳින්නේ ක්‍රොප් ටොප් එක්ක .... කොණ්ඩ උනත් ගොතන්නේ බම්ප් තියලා ස්ටයිල් එක්ක...... එතනින් තමා ඉතිම් සයන්ස් එකයි ලෝ එකයි වෙන් වෙන්නේ....
YOU ARE READING
නුඹ සිඹින්නේ මගෙ සිත විතරද?
Romanceදුක සිතෙන්නේ අපටම පමණද තව සුසුම් වල උණුසුම මොකටද මට තියෙන්නෙ තනිකම තනියට ඔබ සිඹින්නෙ මගෙ සිත විතරද සසින් චාරුක