සසින් pov
උදේ නැගිටිද්දි තමා තේරුනේ මගේ ඔලුව සෑහෙන්නම රිදෙනවා කියලා..... ආයේ නම් පණ්ඩිතකමට දන්නැති මඟුල් කන්නෑ.... පුරුදු බ්ලූබෙරි අයිස්ක්‍රීම් එකම මට හොඳයි......
මං හිමීට ඇඳෙන් නැගිටින්න යද්දි තමා මට තේරුනේ මං ඉන්නේ ඇඳක නෙමේ මෙට්ටෙක කියලා.... ඉන්නේ හොස්ටල් එකේ නෙමේ කියලා තේරෙද්දි.... මං හිමීට මෙට්ටෙ අනිත් පැත්තට හැරුනා....
මං හිතන්නේ මගේ හෘද වස්තුව ගැහෙන එක නතර උනා...... මොකද මගේ ඇස් කෙලින්ම හිටියේ දිනුග අයියා......
ඒ මදිවට එයා මාව ඉනෙනුත් බදාගෙන..... මගේ ඇඟට කකුලකුත් දාගෙන ....... හොඳම දේ ඒක නෙමෙයිනේ..... මං හිටියේ උඩට ශර්ට් එකක්වත් නැතුව.....
දෙයියනේ ..... මේක කොහොමද මෙහෙම උනේ??? අයිස්ක්‍රීම් එකක් නතර උන තැන .....
දැන් ඉතිම් මෙහෙම වෙද්දි මගේ නිදාගෙන ඉන්න ඉඳුරන් ඇහැරෙනවනේ...... ඔව්වා ඇහැරිලා විපතක් වෙන්න කලින්.... මං දැඟලුවේ කොහොම හරි එතනින් නැගිටින්න....
" ම්ම්ම්...... නැඟිට්ටද??..... තව ටිකක් නිදාගන්න අද සෙනසුරාදා ......"
මං හිතන්නේ දිනුග අයියගේ ඒ නිදිමත වොයිස් එක තමා මං මේ ලෝකේ අහපු සරාගිම කටහඬ........ ඒ උනාට දිනුග අයියා කවුරු කියලා හිතන් මට කතා කරාද දන්නෑ..... මොකද ඉතිම් මට තව නිදාගමු කියන්නෑනේ පයින් ගහලා විසික් කරොත් ඇරෙන්න......
********************************
" එහ් බන් මං මෙච්චර දෙයක් කරාද??"
උදේ නැගිට්ටට පස්සේ නෙතිරු අයියයි නද්දයි මගේ ඊයේ හපන්කම් ගැන කියෙව්වා....
" උඹ නම් මාර ඩයල් එකක් තමා සසින්.... යකෝ අයිස්ක්‍රීම් එකකට එච්චර වදිනවා ද බන්??"
" උඹ හරිද ඊයේ මෙහෙ ඇවිත්..... රස්නෙයි රස්නෙයි ගගා... ඇඳුම් ටික ගලවලා දාන්න ගියේ..... දිනුග අයියා තමා අමාරුවෙන් ඒක නැවැත්තුවේ....."
" ඒ මදිවට තමුසේ.... දිනුගව ඉඹ ඉඹ රයිනෝ රයිනෝ ගගා තදින්ම තුරුල් කර ගත්තා.... පව් යකෝ අපේ දිනුගයා.... පිරිසිදු එකාව උඹ කිලිටි කරානේ...."
" මො.......මො............කක්............... ඉම්..ඹා???"
" ඔව් මගෙ රයිනා මගේ රයිනෝ ගගා ඉම්ඹා..."
YOU ARE READING
නුඹ සිඹින්නේ මගෙ සිත විතරද?
Romanceදුක සිතෙන්නේ අපටම පමණද තව සුසුම් වල උණුසුම මොකටද මට තියෙන්නෙ තනිකම තනියට ඔබ සිඹින්නෙ මගෙ සිත විතරද සසින් චාරුක