" පාරෙන්........ ඉවතට යයිදෝ මම නම්..... අහකට විසිවෙයිදෝ දැන්.... "
නෙතිරුයි දිනුගයි ඉස්සරහා ශීට් එකේ ඉද්දී නදුනුයි සසිනුයි පිටිපස්සේ ශීට් එකට වෙලා තමන් ශෙයා.... කරපු ප්ලේ ලිස්ට් එකෙන් යන සින්දු වලට මහ හයියෙන් බෙරිහන් දිදී නටන්න පටන් ගත්තා...
මේකට නටනවට වඩා හොඳයි දඟලනවා කියලා කිව්වා නම්... ඇත්තටම මේ ඩබල මේ සින්දු කියන විදිහට නම් කවුරුත් පිලිගන්න එකක් නෑ නදුන් කියන්නේ ස්කෝලේ කාලේ සමස්ථ ලංකා පද්‍ය ගායනා තරඟෙන් ලංකාවෙන්ම එක උන මනුස්සයෙක් කියලා ඒ තරම් ඒ දෙන්නගේ සින්දු මිහිරියි....
“ අහ්..... නදුන් මම නම් හිතන්නේ දැන් ඔය දෙන්නා ඔය බෙරිහන් දෙන එක නවත්තලා සාමාන්‍ය විදියට සින්දුවක් කිව්වොත් හොඳයි කියලා....... මොකද ඔයාලගේ සද්දේ ඩෙසිබෙල් 85ත් පන්නනවද කොහෙද??”
“ මොකක්..... ඔයාට බඩගිනියි...??? දැන්නේ අනේ උදේට කෑවේ බඩජාරියා........”
“ බඩගිනියි.... රෙද්ද තමා දිනුග උඹවත් කියපන්කෝ..........”
නෙතිරු අයියා අන්තිමට දිනුගට කෑ ගැහුවේ ඉවසන්න බැරිම තැන...
“ සසී..න්............ දැන් ඔය ඇතී..........”
“ මොකක් ඔයාට දැන් හතී??? ඇයි අනේ මේක අස්සේ දුවනවයෑ..........”
දිනුගට මේ ඩබලගේ වැඩ නිසා හිනා යන්න ආවත් අමාරුවෙන් හිර කර ගත්තේ බුරුලක් පෙන්නුවොත් මුන් දෙන්නා කනෙන් උනත් රිංගන් පුලුවන් ජෝඩුව නිසා...... ඒ නිසා ආයෙත් මුකුත් නොකියම දිනුග කරේ කෙලින්ම තමන්ගේ ඉස්සරහා රේඩියෝ එකේ බ්ලූටූත් එක ඕෆ් කරලා දාපු එක......
“ අයියෝ...... මස්සිනා මොකක්ද ඒ කරේ??”
නදුන් තැලිච්ච කජු පුහුලමක් වගේ තියෙන ඒ මූණ ඉස්සරහට දාන ගමන් දිනුගට රැව්වා....
“ මොකක්ද කරේ?? තොපිලා දෙන්නට සින්දුව පිටි පස්සටම ඇහෙන්න මෙතන වැඩි කරගෙන... මට නිකම් මියුසිකල් ශෝ එකක බෆල් එකක් ගාව ඉන්නවා වගේ... ඊටත් හපන් තොපිලගේ ටින්කිරි වොයිස් එක...... යකූ පොලීසියට අහු උනොත් අපිට දඩ කොලයක් ලියයි ශබ්ද දූෂණය කරා කියලා......”
YOU ARE READING
නුඹ සිඹින්නේ මගෙ සිත විතරද?
Romanceදුක සිතෙන්නේ අපටම පමණද තව සුසුම් වල උණුසුම මොකටද මට තියෙන්නෙ තනිකම තනියට ඔබ සිඹින්නෙ මගෙ සිත විතරද සසින් චාරුක
