84

1.3K 86 10
                                        

" ආදරේ කියන්නේ එහෙම අයින් කරලා ආයේ අලුතින් පැල කරන්න් පුලුවන් දෙයක් නෙමේ අංකල්..... මේ මැරේජ් එක වෙන්නෑ එච්චරයි ......"

" පුතා......"

" දිනුග........."

" තාත්තා මොකක්ද මේකේ තේරුම?? කලින් ආශිංසනාව මගේ කරේ ගැහුවා.... දැන් සමාධි.... මාව ඔයාලට බිස්නස් ඩීල් එකකින් එහාට දකින්න බැරිද?? "

" ආදරේ කරලා කාටද හරිගියේ දිනුග...?"

" නැහැ තාත්තා...ඔයාලා කරපු මිස්ටේක් එක මට කරන්න කියන්න එපා...... මට තව දිනුග කෙනෙක්ව හදන්න ඕන්නෑ.... මං ඔයාලගේ පුතා තාත්තේ..... ඔයාලා කවදාවත් ඒ අයිතිය මට දුන්නෑනේ....ඔයාටයි මමාටයි දෙන්නටම මං මිස්ටේක් එකක්.... පුතේ කියලවත් කතා කරන්න බැරි කටින්.... මගේ life dicission ගන්න හදන්න එපා.... මං පුතෙක් විදිහට එකම එක දෙයයි ඔයාලගෙන් ඉල්ලුවේ.... ඒ මං කැමති කෙනෙක්ට මට ආදරේ කරන්න දෙන්න කියලා.... ඒත් නිකම් නෙමේ.... ඩීල් එකකට... මගේ මුලු ජීවිතේම ඔයාලගේ බිස්නස් වෙනුවෙන් කැප කරන්න පොරොන්දුව පිට...... ඒත් ඔයත් එහෙම පොරොන්දු කඩනවා නම්.... මාත් තව දුරටත් ඒ පොරොන්දු රකින්නෑ.... මිස්ටර් රාජසිංහ.... "

" දිනුග තාත්තට කතා කරන්න ඉගෙන ගන්න...."

" නෑ මිසිස් රාජසිංහ..... ඔයාලට මම නිකම්ම නිකම් දිනුග අකේත්ම විතරයි නම්.... මටත් ඔයාලා නිකම්ම නම් දෙකක් විතරයි..... අදින් පස්සේ මගේ තාත්තත් මැරුනා අම්මත් මැරුනා.... පොඩිකාලේ ඉඳලා මං ඔයාලගෙන් ආදරේ හිඟා කෑවා තේරුනාද?? ඒත් අද මං ඉල්ලුවටත් වඩා මට ආදරයක් දෙන මනුස්සයෙක් මට හම්බෙලා තියෙනවා ..... මට මැරෙන්න උනත්.... ඒ ආදරේ අන්තිම තත්පරෙත් විඳලමයි මං මැරෙන්නෙ......... ආයේ මේ වහලේ යට දිනුග කෙනෙක් නැති වෙයි....."

අවුරුදු විසි ගානටම මගේ හිතේ කකියාපු ඒ ව්වෙදනාව..... එතන තිබ්බ මල් පෝච්චියත් කුඩු කරලා පිට කරපු මම ඒ ගෙදරින් එලියට බැස්සෙ ආයේ කවදාවත් ඒ ගෙදරට අඩියක්වත් තියන්නෙ නෑ කියලා හිතන්....... ඔයාලා හිතනවා නම් දිනුග අකේත්ම කියන්නේ.. දුර්වලයෙක් කියලා ඒක වැරදියි....... මොකද මේ වෙද්දිත් මං බිස්නස් වලින් සෑහෙන්න මුදලක් හම්බ කරන් හිටියේ..... නුවර බ්‍රාන්ච් එක සීයා තාත්තා මගේ නමට ලියපු නිසා ඒ ළඟින්ම ගෙදරක් අර ගත්තෙ මං බිස්නස් වල පහසුවට උනත්.... එහෙම ගත්ත එකේ වාසනාව මට දැනුයි තේරෙන්නේ...... ඔයාලා බලනවා ඇති මෙච්චර සල්ලි තියෙන්න මං කරන බිස්නස් එක මොකක්ද කියලා... ලංකාවේ ප්‍රසිද්ධම ජුවලරි බ්‍රෑන්ඩ් එක අයිති අපේ සීයා තාත්තාට...... ඉතිම් මැරෙන්න කලින් ඒකෙන් කොටසක් මගේ නමට ලිව්ව එකට පිං..... සීයා තාත්තේ.....

නුඹ සිඹින්නේ මගෙ සිත විතරද?Where stories live. Discover now