" ම්ම්ම්....... නැගිට්ටද??....."
" මොනාද උදේම මේ තන බිස්සේ ඉඳන් කරන්නේ.....??"
" වටේ තියෙන පරිසරය ටිකක් වින්දා... මං හරි ආසයි මේ පරිසරේට...."
" ඒකනේ මං ඔයාව මෙතෙන්ට එක්ක ආවේ......"
ග්‍රැජුවේෂන් එකෙන් පස්සේ සසින්ලගේ ගෙදර අවසරෙත් එක්ක... පුංචි පාටියකට පස්සේ දිනුග සසින්ව ගෙනාවේ තමන්ගේ නුවර ගෙදරට.... ලංකාවේ නීතියෙන් මේ දෙන්නට එකතු වෙන්න බැරි උනත්... පුලුවන් විදිහට දිනුග ඒ දවස ලස්සන කරා......
ඊයේ නුවර එද්දි හවස් වෙලා තිබුන නිසා ..සසින්ට ගේ වටේ ඇවිදින්න බැරි උනා.... කලින් පාර තුවාල නිසා දිනුග සසින්ට එළියටවත් බහින්න දුන්නැති නිසා... සසින් උදේ නැඟිටලා කෑම හදලා කරේ ගේ වටේ ඇවිදින එක......
ඇත්තටම සසින් ඒ ගෙදරට ගොඩක් ආස කරා..... මොකද ගෙදර ඇතුල උනත් හදලා තිබ්බේ පරිසරයට හානි නොවෙන්න..... ටයිල් අල්ලලා නොතිබ්බ මේ ගෙදර බිම ගෙනාවේ මුලු ඇඟම නිවන සීතලක්..... වහලේ ගොඩක් උසට තිබ්බ නිසා මුලු ගෙදරම තිබ්බේ හරි සෞම්‍ය සීතලක්... ලොකූ සාලයක් එක්ක පුංචි කුස්සියක් යට තට්ටුවේ තිබුනා.... උඩ තට්ටුවේ නිදන කාමර තුනකුයි... ඔෆිස් කාමරේකුයි තිබ්බා.... කාමර පොඩ්ඩක් උනාට ගෙදර තව කීප දෙනෙක්ටම ජීවත් වෙන්න තරමට ලොකුවට තිබ්බා.......
ගෙදර එළියෙන් ගත්තොත්.... මුලු වත්ත වටේම ගස් කොලන් වවලා තිබ්බා..... ඉස්සරහ බිත්තිය වැහෙන්නම.... ලස්සන මල් පිපෙන වැලකින් සැරසිලා තිබ්බ ඒ ගෙදර වම් පැත්තෙ අයිනට වෙන්න හදපු පුංචි දියැල්ලක් තිබුනා... ඒ ගාව ගල් මේසෙකුයි බංකුයි දාලා තිබ්බේ සසින්ගේ හිත තවත් සතුටු කරන ගමන්.... ගෙදර පිටිපස්සට ගියොත් ටිකක් දුරට දුවන තණකොල වැවුන තැනිතලා කෑල්ලක් තිබ්බා... එතෙන්ට ඈත තියෙන කඳු පන්තිය හරි ලස්සනට පෙනුනා........
ඉර පායගෙන එනවා දැකපු සසින්.... එහෙම්මම ඒ පිනි වැටුන තණ බිස්සෙ ඉඳ ගත්තේ ස්වභාව ධර්මය... දායාද කරපු.... ඒ හිත නිවන දර්ශනේ හොඳටම රසවිඳින්න හිතාගෙන........
උදේම නැගිට්ට දිනුග .... ඊයේ රෑ තමන්ගේ තුරුලේ සනීපෙට නිදාගෙන හිටපු සසින්... පේන්න නැති නිසා පහළට ආවාම දැනුනේ... නහය කඩාගෙන යන කෑම සුවඳ.... ඒ සුවඳ එක්ක සසින් උදේට උයලා කියලා අනුමාන කරපු දිනුග... හිතේ ඇති උන සැකේට ගෙදර පිටිපස්සට ගෑටුවේ.. සසින්ව හොඳටම දන්න නිසා......
YOU ARE READING
නුඹ සිඹින්නේ මගෙ සිත විතරද?
Romanceදුක සිතෙන්නේ අපටම පමණද තව සුසුම් වල උණුසුම මොකටද මට තියෙන්නෙ තනිකම තනියට ඔබ සිඹින්නෙ මගෙ සිත විතරද සසින් චාරුක
