13

547 48 16
                                    

" මොකද ඒ ගමන අඬන්නේ??? මං අඬන්න දෙයක් කිව්වද??"

" නැහ්..........මං  නිසා අයියට කරදරේ.... බලන්න අයියා දැන් science week එකෙත් play කරන්න ඕනි....."

" ඔයා හිතුවේ මං ඔයාට බැන්නේ මේ මට බෝලයක් වැදුන නිසා කියලද?"

මං ඔලුව උඩට පහළට වැනුවේ ඇත්තටම ඉතිම් බනින්න වෙන හේතුවක් මතක් නොවුන නිසා.....

" තමුසේ නම් මහා මෝඩයෙක් ....."

" ආ??"

හරි හරි මං මෝඩයි තමයි...... එහෙමයි කියලා ඔහොම මූණටම මෝඩයි කියනවද මං අහන්නේ??

" යකෝ ...... මං university team එකේ ඉන්න player කෙනෙක් ......ඔයා හිතන්නේ මං මේ බෝල පාරක් කාපු පළවෙනි වතාව කියලද??"

ඔව් ඉතිම් බෝල පාරවල් නම් ඇති තරම් කාලා ඇති ...... ඒත් ඉතිම් මං නිසා කාපු පළවෙනි වතාවනේ මේක..... කොහොමත් දිනුග අයියට මාව පෙන්නන්නත් බෑනේ ....... බලනකොට ඒකෙත් වැරැද්දක් නෑ ...... ඇත්තටම මං එයාට වදයක් වෙන එක තමා වෙන්නේ.... අදම බලන්නකෝ උන දේ.... මං ළඟින් හිටියත් ඇතිනේ විපතක් වෙන්න ......

" මොනාද ඒ ගමන ඇස් දෙකත් ලොකු කරන් හිතන්නේ??? මං තමුසෙට බැන්නේ.... මට බෝලයක් වැදුන මඟුලක් නිසා නෙමේ ...... පේනවනේ පාරේ සැර??? හිතපන්කෝ දැන් ඕක තමුසෙගේ ඔලුවට පත බෑවුනා නම් මොකක්ද වෙන්නේ කියලා ??"

දිනුග අයියගේ පිටේ පාර දිහා බැලුවාම නම් සුවර් සොට් ඕක ඔලුවට වැදුනොත් නම් මගේ මොලේ ගැලවිලා කකුල් දෙකට වැටෙනවා ..... නැත්නම් බෝලේ ඔලුවෙන් ගින් පස්චාත් බාගෙන් එලියට එනවා ........

" රිදෙයි....."

හරිනේ ඔය කිව්වේ..... තමුසේ ඇත්තටම මෝඩයෙක් සසින්...... කොහොමත් ඕක වැදුනොත් රිදෙනවනෙ.... ඕක කියන්න දෙයක් ද??

" හහ්........ රිදිලා විතරක් නවතින්නෑ........ ඔය පාර වැදුනා නම් තමුසෙව හොස්පිටල් තමා ගෙනියන්න වෙන්නේ..... ඒ නිසා මීට පස්සෙවත් මොලේ කල්පනා කරලා වැඩ කරනවා..."

" හම්ම්......."

" හම්ම්..... නෙමේ හරියට ඕකෙන් තවපන්......"

මට ඉතිම් දිනුග අයියගේ පිට අල්ලන්න පොඩි ලැජ්ජාවකුත් එනවා ...... සුදුම සුදුයි එයා... පිට නිකම් white board එකක් වගේ..... කිසිම කැලලක් නෑ ..... කොල්ලෙක් වෙලත් මෙහෙම ඉන්නේ කොහොමද මන්දා....

නුඹ සිඹින්නේ මගෙ සිත විතරද?Where stories live. Discover now