79

1.3K 96 8
                                        

" ඒකනේ පුතා මටත් දරාගන්න බැරි.... මේ දරුවා කන්නේ බොන්නෙ නෑනේ...."

" ම්ම්ම් ඒකනේ නැන්දේ....සසින් ඉන්නේ ලොකු දුකකින්....."

" මං දන්නේ නෑ පුතේ ප්‍රශ්නේ මොකක්ද කියන්න..... කැම්පස් එකේ ළමයි සසින්ට විහිලු කරනවද තූර්ෂ පුතේ??"

" ඒ වගේ දෙයක් තමා නැන්දේ..... දන්නවනේ.... සසින් ගැන......."

" ඒක තමා දරුවෝ මටත් භය...... සසින්.. පිටට ශක්තිමත් වගේ පෙන්නුවට.... එයාට දේවල් දරාගන්න අමාරුයි දරුවෝ..... පාරේ සතෙක් මැරිලා හිටියත් සෑහෙන්නම හිත රිද්ද ගන්න ළමයෙක් සසින් කියන්නේ...."

" ම්ම්ම්ම්..... මට මතකයි.... ඒලෙවල් කාලේ එයා ඉස්සරහම වාහනේකින් බල්ලෙක් හප්පන් ගිහින් ඌ මැරුන දුකට.... සසින් ගෙදර එනකම්ම ඇඬුව හැටි........"

" හම්ම්ම්ම් ඒකනේ.... පුතේ..... පුතා පොඩ්ඩක් අපේ සසින් එක්ක කතා කරලා ඉන්න...... පුතා ඉන්න එක මට ලොකු හයියක්....... මට ..... භය...... මට භය....... මහත්තයා නැති උනා වගේ.... මගෙ පුතත්...... "

" නැන්දේ කෝ නාඩා ඉන්නකෝ...... අපි ඉන්නකම් අපි සසින්ට මුකුත් වෙන්න දෙන්නෑ....... ඒක පොරොන්දුවක් ......"

" ම්ම්ම් පුතාට පුලුවන් ද මේ කෑම එක සසින්ට ගිහින් දෙන්න......"

" කෝ දෙන්න මං ගෙනිහින් දෙන්නම්......."

තූර්ෂ සසින්ගේ කාමරේට යනකොටත් සසින් හිටියේ නිදාගෙන.... කෑම පිඟාන මේසේ උඩින් තිබ්බ තූර්ෂ ගිහින් එබුනේ සසින්ගේ මූණට...... පොඩි කාලේ ඉඳම සසින්ට තිබ්බේ හරිම පිරිසිදු දිලිසෙන හමක්.... ලාවට රැවුල් කොට තිබ්බත් ඒ හම කෙල්ලෙක්ටත් වඩා සිනිදුයි.... සාමාන්‍ය ප්‍රමාණයට වඩා ටිකක් ලොකු ඇස් දෙකක් සසින්ට තිබ්බා..... ඒ නිසාම හුරතල් ගතියක් සසින්ට ඇවිත් තිබුනා... ඒත් ඒ මූණ හරිම තෙහෙට්ටු පාටයි..... දැන් ටිකකට කලිනුත් සසින් හිටියේ අඬ අඬ කියලා පෙන්නන්න තිබ්බ සාක්ෂි විදිහට... සසින්ගේ ඇස් අගිස්සෙන් කඳුලු වැලක් වේලිලා තිබුනා....

හැමදාම හිනාවෙලා හිටපු තූර්ෂගේ පුංචි කොල්ලා මේ විදිහට ඉන්නවා දකිද්දි.... තූර්ෂගේ පපුවේ පැත්තක්ම රිදෙන්න ගන්නේ ඉබේමයි..... මරලා දැම්මා කිව්වත් තාමත් හැංඟුනු ගිනි පුලිඟු සැරෙන් සැරේ තූර්ෂගේ හිත රිද්දුවා.......

නුඹ සිඹින්නේ මගෙ සිත විතරද?Where stories live. Discover now