"ආව්............"
සසින් ආපහු ඒ උරහිසෙන් කෙලින් උනේ දිනුග කෙනිත්තුව අතත් අත ගගාමයි...
" දැන් ෂුවර්ද හිකනල් පැටියට මේක හීනයක් නෙමේ කියලා??"
" හරි හරි ෂුවර්......"
සසින් එහෙම කිව්වේ දිනුග අයියට ඔරවන ගමන්මයි.....
" මට නම් කීයක් කියනවද අනේ... හිකනල් පැටියලු... කනෙරු මලලු.... ටියුබ්ලයිට් ෆැක්ටරියලු......"
" ආදරේටනේ...... සසින් නොදන්නවා උනාට මං සසින්ට ආදරේ කරන්න අරන් ගොඩ කාලයක්..... මුලින්ම ඒක ආදරයක් නෙමේ.. මට මුලින්ම ඕනි උනේ ඔයාගේ හිනාව බලන්න.... ඔයා හිනාවෙද්දි මට මාර සතුටක් දැනුනේ... පස්සේ මටත් නොදැනීම ඒක ආදරයක් උනා...."
" කොයි කාලේ වගේද??"
" මං හිතන්නේ එතකොට මං ඕලෙවල් ලියලත් නෑ...."
" මොකක්???"
දිනුග එහෙම්මම පිටිපස්සේ බිත්තියට හේත්තු වෙලා ඇස් දෙක පියා ගත්තේ ලොකු කතාවක් කියන්න.... හැබැයි සසින්ගේ අත හිමීට අත ගාන්නත් දිනුග අමතක කරේ නෑ.....
" හම්ම්ම්...... මං ඔයාව දැක්කේ මුලින්ම public library එකෙන්....... එතකොට මං දහය වසරේ විතර.... ඔයා නවයේ.."
සසින්ට මතක් උනේ සසින් ඒ කාලේ ආසාවෙන් ලයිබ්රි ගියපු හැටි.... සසින්ගේ තාත්තාගේ වැඩ ඉවර වෙනකම් සසින් කරේ ලයිබ්රි එකට වෙලා පොත් කියවන එක..... ඒ කාලේ ඇබ්බැහියකින් වගේ සසින් ෂර්ලොක් හෝම්ස් පොත් කියෙව්වා.... පන්ති ගිහින් ඉතුරු කර ගන්න සල්ලි වලින් පොතක් ගන්න් මාස තුනක් විතර යන නිසා සසින් පරණ ෂර්ලොක් හෝම්ස් පොත් ඔක්කොම කියෙව්වේ ලයිබ්රි එකෙන්..... ඒත් සසින්ට දැන් ප්රශ්නේ.. කොච්චර මතක් කරත් සසින්ට දිනුග අයියව මතක් වෙන්නෙම නෑනේ.... සසින්ට හොඳටම විශ්වාසයි සසින් දිනුගව මුලින් දක්කේ බස් හෝල්ට් එක ගාව කියලා......
" ඇත්තටම මට මතක නෑනෙ......."
සසින් ඒක කියපු විදිහට නම් දිනුගට හිනා නොවී බැරි උනා.....
"දැවෙන හදවතකින් අඳුරේ පෑගුනු සියලු දෙනාටම...."
" ඈ??"
YOU ARE READING
නුඹ සිඹින්නේ මගෙ සිත විතරද?
Romanceදුක සිතෙන්නේ අපටම පමණද තව සුසුම් වල උණුසුම මොකටද මට තියෙන්නෙ තනිකම තනියට ඔබ සිඹින්නෙ මගෙ සිත විතරද සසින් චාරුක
