87

1.4K 99 9
                                        

" නදුන් එයාට ලෑස්ති වෙන්න කියන්න..."

" මචං.... උඹේ බෑග් එක හරි නේ?"

" හම්......"

" ඇවිදගන්න පුලුවන් ද?"

" පුලුවන් ....."

" හිමීට අඩිය තියලා බැහැපන්කෝ එහෙමනම් ....."

" නද්දා...."

" ඕ...... ඇයි රිදෙනවා ද??"

" දිනුග අයියා ආයේ මාත් එක්ක කතා කරන එකක් නැද්ද??"

" කරයි.... කරයි........ උගෙ තරහා නිමුනාම...... ඌට තරහා යන එක සාධාරණයිනේ බන්..... උඹ මහ පගයා වගේ කරන්න ගිය දේ බලපන්කෝ... තව තත්පරයක් එහෙ මෙහෙ උනා නම්...."

" අනේ.... මං දන්නවා මං වැරදි කියලා.... ඒත් සත්තයි නද්දා මං මැරෙන්න නෙමේ ගියේ.... මට ඇත්තටම ඇහුන්නෑ......."

" ඇහුන්ඤෑ.... කියපන් කෝච්චිය ඇඟ උඩින් ගිහින්..... තරි ගැහිලා ගියාම....."

" හුම්ම්......"

" දැන් මූණ පුක කරන් ඉන්නෙ නැතුව බැහැපන්........ "

එදා සසින් දිනුගගේ අත් අතර කලන්තේ දැම්මාම දිනුග සසින්ව ගෙනත් නැවැත්තුවේ නොදර්න් හොස්පිටල් එකේ... මූණෙයි අත් වලයි... කකුලෙයි තිබ්බ තුවාල වලට බේත් දාලා පහුවදාම සසින්ගේ ටිකට් කපා ගන්න පුලුවන් උන නිසා දිනුග තීරණය කරනවා සසින්ව අරන් ටික දවසකට නුවර යන්න.... මොකද මෙහෙම සසින්ව ගෙදර යැව්වොත් ඒ ගෑණු මනුස්සයෝ දෙන්නා හුල්ලලම ලෙඩ වෙයි කියලා දිනුගට හිතුනා......

හැබැයි සිහිය ආපු වෙලේ ඉඳලා දිනුග එක වචනයක් සසින් එක්ක කතා කරේ නෑ.... ඕනිකරන හැමදේම නදුන් හරහා කියපු දිනුග බනින එක පවා පිරිමහගත්‍තේ නදුන්ට බැනලා..... අහිංසක නදුන්ට සිද්ද උනේ මේ දෙන්නගේ පණිවිඩ කාරයා වෙන්න......

හැබැයි සසින්ට ඕනි හැමදේම අඩුපාඩුවක් නැතුව දිනුග හොයලා බලලා කරා....

" සේරම හරිද නදුන්?"

" හරි අයියේ...."

එහෙම්මම සසින්ව තමන්ගේ අත් අතරට ගත්ත දිනුග නදුන්ට බෑග් ටික ගේන්න කියලා ගිහින් එබුනේ සසින් ඇඩ්මිට් උන කාමරෙත් එක්කම තිබ්බ එහා කාමරේට......

නුඹ සිඹින්නේ මගෙ සිත විතරද?Where stories live. Discover now