" අපි මොනාහරි කාලා යමුද??"
" ආ??"
දිනුග අයියගේ සිහියෙන් හිටපු නිසා තූර්ෂ අයියා කියපු දේ මට ඇහුනේ නෑ.....
" ඔයාලා දැන් කන්න යනවා කියලනේ කිව්වේ...... අපි මොනාහරි කාලා යං..... මට සසින්ට කියන්න දේකුත් තියෙනවා ......"
" ම්ම්ම් හා..........."
ඉතිම් තූර්ෂ අයියා මාව එක්කරගෙන ගියේ "පන්ති ටෙස්ටුරන්ට් "එකට..... ඒකෙන් අයියා ඕඩර් කරේ ෆුල් චිකන් රයිස් එකක්...... මට ඒ වෙලේ කන්න තරම් මූඩ් එකක් නොතිබ්බත් මං පුලුවන් තරම් කෑවේ තූර්ෂ අයියගේ හිත රිද්දන්න බැරි නිසා.......
" මල්ලි මට ඔයා එක්ක කතා කරන්න දෙයක් තියෙනවා ........'
" ඕ........කියන්න අයියේ....."
" මල්ලිට ආදරේ කරන්න කෙනෙක් නෑ නේද??"
" හම්ම්...... මං හිතන්නේ නෑ......"
" ආයේ ආදරේ කරන්න බලාපොරොත්තුවක් නැද්ද??"
" මොකද නැත්තේ අයියේ...... මට ආදරේ කරන්න ඕනි...... දැනෙන්න ආදරයක් විඳින්න ඕනි........"
" එහෙමනම් හොඳයි......."
" ඇයි අයියා එහෙම ඇහුවේ??"
" නෑ මං භය උනා ඔයා ආයේ ආදරේ කරන එකක් නෑ කියලා...."
" ම්හ්.... එහෙම නෑ......."
ඇත්තටම මට තූර්ෂ අයියට කියන්න පුලුවන් උනා නම්...... මං ආදරේ දිනුග අයියට කියලා.... මං දැනෙන්න ආදරේ කරන්න කැමති දිනුග අයියට කියලා.... එයාගෙන් පස්සේ මට වෙන කෙනෙක් ගැන හිතන්න බැරි වෙයි කියලා......
ඒත් මං එහෙම කියන්නේ කොහොමද ??? තූර්ෂ අයියා මොන විදිහට ඒක පිලිගනියිද?? මං කොල්ලෙක්ට ආදරේ කරන එක??? එතකොට ආයේ ආදරේ කරන්නේ නෑ කියලා මට තූර්ෂ අයියා මං ගැන වද වෙනවා බලන් ඉන්න බෑ.......
" මං කෙලින්ම අහන්නම්කෝ...... මල්ලී.......... ඒ දිනුගද??"
" අයියේ??"
මගේ ඔලුව උඩ අකුණු හත අටක් පිපිරෙද්දි තූර්ෂ අයියා ඒක මගේ මූණ දිහා කෙලින්ම බලන් ඇහුවා......
" මල්ලි මට දේවල් හංඟන්න හදන්න එපා....... මං සේරම දැනගෙන අහන්නෙ......"
YOU ARE READING
නුඹ සිඹින්නේ මගෙ සිත විතරද?
Romanceදුක සිතෙන්නේ අපටම පමණද තව සුසුම් වල උණුසුම මොකටද මට තියෙන්නෙ තනිකම තනියට ඔබ සිඹින්නෙ මගෙ සිත විතරද සසින් චාරුක