25

550 36 10
                                    

ඉතිම් ඔයාලා හිතුවේ ටැලන්ට් ශෝ එක ඉවරයි කියලද?? නෑ ටැලන්ට් ශෝ එකේ අන්තිම අංගේ තමා මිස්ටර් science and මිසිස් science තෝරන එක .......

අපි බලන් ඉද්දිම දිනුග අයියලගේ බැජ් එකේ ළමයි ඇවිත් දිනුග අයියව ඇදන් ගියා Mister science එකට තියන්න.... මට නම් බෑ කිය කිය නාහෙන් අඬන දිනුග අයියව පෙනුනේ ස්කෝලෙ යන්න බෑ කියලා අඬන එක වසරේ ළමයෙක් වගේ...........

තරඟෙට ලස්සන කොල්ලො කෙල්ලො ගොඩක් හිටියා.... ඒත් ඉතිම් ඔයාලා දන්නවනේ..... මට ලස්සනට පේන්නේ ඉතිම් දිනුග අයියව තමා .........

" ඉතිම් දිනුග ඔයා මේ රටේ ජනාධිපති උනොත් මොකක්ද කරන්න හිතාගෙන ඉන්නේ......??"

" මං මුලින්ම කරන්නේ බලෙන් මෙහෙම තරඟ වලට දාන අයට දැඩි දඬුවම් දෙන එක ...... "

දිනුග අයියා එහෙම කියද්දි මුලු හෝල් එකම හිනා උනා........

" ඊට අමතරව මං බලාපොරොත්තු වෙනවා... සියලුම වර්ගයේ සම්බන්ධතා වලට සම තැන දෙන්න ......"

" ඒ මොකද දිනුග??"

" මොකද ආදරේ කියන්නේ මනුස්සයෝ දෙන්නෙක් අතර ඇති වෙන හැඟීමක් .... මිසක්.... ඒකට වයස.. උස.... පාට ...... ජාතිය.... කුලය.... කොටින්ම ලිංග අනන්‍යතාවය වගේ සීමා දාන්න ඕනි නැ....... "

" Thankyou දිනුග..... හොඳ අදහසක් අපි එක්ක බෙදා ගත්තට...... "

දිනුග අයියා එහෙම කියද්දි නම් මගේ හිත හීනියට රිදීගෙන ගියා... ඇත්තටම මටයි දිනුග අයියටයි එකතු වෙන්න තියෙන්නේ 0.001%ත් වඩා අඩු චාන්ස් එකක් ...... එහෙන් දිනුග අයියා ස්ට්‍රේට් ...... මෙහෙන් මේ සමාජේ..... අපේ දෙමව්පියෝ ...... ඇත්තටම මගේ මේ ආදරේ තේරුමක් තියෙනවද???

මං ලොකු හුස්මක් අත ඇරියා..... එක අතකට මිනිස්සු ආදරේ ලබා ගන්නම ඕනි කියලා එකක් නෑනේ ...... එයාව මගේ කර ගන්න ඕනි නෑනේ මට ආදරේ කරන්න ???

කොහොම හරි ඉතිම් හිතුව විදිහටම 2024 Science week එකේ Mister Science උනේ...... දිනුග අයියා........ Mrs Science උනේ ෆෝත් yr අක්කා කෙනෙක් ..... එයත් හැබැයි හරි ලස්සනයි .......

ඒ තරඟෙන් පස්සේ 2024 ටැලන්ට් ශෝ එක ඉවර කරනවා..... හෙට තියෙන්නේ තෑගි බෙදා දීමේ උත්සවේ.... ඒකට ඉතිම් එන්නේ ප්ලේසස් තියන අය විතරයි ..... අද ටැලන්ට් ශෝ එකේ දිනන අයිටම් හෙට තෑගි බෙදා දීම අතරේ පෙන්නනවා...........

නුඹ සිඹින්නේ මගෙ සිත විතරද?Where stories live. Discover now