මැයි මාසෙත් ලඟ නිසා අපේ කැම්පස් එකේ ඊළඟට තියෙන වැදගත්ම ඉවෙන්ට් එක තමා වෙසක් එක අල්ලලා තියෙන බණයි දන්සලයි... මේකට ඉතිම් අනිත් ඉවෙන්ට් වලට වගේ දවස් ගානක ඉඳලා ලෑස්ති වෙන්නේ නම් නෑ... ඒත් වෙසක් එකට කලින් දවසේ නම් කැම්පස් එකේ හැමෝම Study hall එක සරසන වැඩේට උදව් කරනවා...
ගොඩක් වෙලාවට මේ වගේ බනක් තිබ්බම ඒකේ බර පැටවෙන්නේ ෆස්ට් ඉයර්ස්ලට.... දන්සල ගොඩක් වෙලාවට කරන්නේ සෙකන්ඩ් ඉයර්ස්ලා... ගොඩක් අය හිතන්නේ ජැෆ්නා කිව්වම දන්සල් එහෙම නැතුව ඇති කියලා.... ඒ උනාට ජැෆ්නා වලත් හැම තැනකම වගේ දන්සල් තියෙනවා... ඒ වගේම හැම ෆැකල්ටි එකකින්ම දන්සල් තියෙනවා....
වෙසක් එකට කලින් දවසේ අපි හවස් වෙනක්ම්ම වගේ හෝල් එක සැරසුවා.. උඩට බෞද්ධ කොඩියේ පාටට වියන් ඇදලා කොල වලින් නෙලුම් මල් හදලා වටේටම ඇලෙව්වා... තව සුදුම පාටින් වෙසක් කූඩු හදලා ඒවට ලයිට් දැම්මා...
දුකම හිතෙන දේ තමා මේ ඔක්කොම කරද්දි අර සමාධි කියන අක්කා හිටියෙම දිනුග අයියා එක්ක... ඇයි අප්පා මට මෙච්චර රිදෙන්නේ...
වෙසක් එක දවසේ හවස තමා බණ පටන් ගන්නේ.. බණෙන් පස්සේ තියෙන්නේ.. අපේ සෙකන්ඩ් ඉයර්ස්ලගේ බෙලිමල් දන්සල... හැමෝම පෝලිම් හැදිලා තමා බෙලි මල් කෝපෙයි හකුරු කෑල්ලයි ගන්නේ... දිනුග අයියත් හිටියා බෙලිමල් බෙදන තැන...
“ ම්ම් මේක ගන්න...”
දන්සැලේ බෙලිමල් දෙන්නේ සුද්ද කරපු පොල් කටු වල... දිනුග අයියා මට ලොකු බෙලි මල් කෝප්පෙකුයි... හකුරු කෑලි දෙකක්මයි දුන්නා....
“ ඒ... මේ බලපන්කෝ මූට හකුරු කෑලි දෙකක් හම්බෙලා...”
“ අඩේ ඔව්මයි.... දිනුග අයියා මොකද ඔයාට හකුරු කෑලි දෙකක් දෙන්නේ??”
“ මං දන්නවද ඉතිම්.. “
“ අම්මෝ මුගේ තියෙන මනමාල හිනාව.....”
“ අනේ මේ එහෙම එකක් නෑ... උඹට ඕනි නම් එකක් ගනින්....”
“ අම්මෝ එපා එපා ඕවට වශී එහෙම දාලා දුන්නොත්......”
“ වැඩේමයි...”
බෙලිමල් දන්සලෙන් පස්සෙ හවස භක්ති ගීත එකට කලින් අනිත් ෆැකල්ටි වල දන්සැල් වලට යන්න අපි හිතුවා... අපි මුලිනම් ගියේ මෙඩිකල් ෆැකල්ටියේ දන්සැලට... එතන තිබ්බේ මඤොක්කා කොච්චි සම්බෝලයි ඉරමුසුයි..... ඒක නම් පට්ට රසයි....
YOU ARE READING
නුඹ සිඹින්නේ මගෙ සිත විතරද?
Romanceදුක සිතෙන්නේ අපටම පමණද තව සුසුම් වල උණුසුම මොකටද මට තියෙන්නෙ තනිකම තනියට ඔබ සිඹින්නෙ මගෙ සිත විතරද සසින් චාරුක