අනුමි Pov
මං ඉර බැහැගෙන යන අහස දිහා බලන් කල්පනා කරේ.... මිනිස්සුන්ට මැරෙනවට වඩා කොච්චර දුක හිතෙන දේවල් තියෙනවද කියලා.......
තෙයුරි මෙනුල අයියව හම්බෙලා එනකම් මං හිටියේ ග්රවුන්ඩ් එකට වෙලා...... දැන් ඒ දෙන්නා යාලු වෙලා සතියකට වඩා කිට්ටුයි..... මං දැන් මේ දුක එක්කම ජිවත් වෙන්න පුරුදු වෙලාද කොහෙද....
සමහර වෙලාවල් වලට තමන් කැමතිම දේවල් වලට උනත් යන්න දෙන්න වෙනවා...... මං තෙයුරිව මුලින්ම දැක්කේ දෙක වසරෙදි.... අපේ ස්කෝලෙට අලුතින් ආවේ එයා.... හැමෝම අලුතින් ආපු ළමයට කරදර කරද්දි මට ඕනි උනා එයාව ආරක්ශා කරන්න....... ඉතිම් එදා ඉඳලා මං එයාගේ ආරක්ශකයා උනා..... ටිකෙන් ටික ඒක යාලුකමකට එහාට මට දැනුනත් එයාට මාව හැමදාම හොඳම යාලුවා උනා.......
මං එයාට කීප සැරයකදිම අඟවලා තියෙනවා........... සමහර විට එයාට දැනිලා ඇති.... නොදැනෙන්නත් ඇති.. දැනුනට තේරෙන්නෙ නැතුව ඇති.... නැත්තම් දැනිලා නොදැනෙනවා වගේ ඉන්නත් ඇති...... ඒත් එයා මගේ ළඟනේ කියලා මං හිත හදාගත්ත වාර අනන්තයි.......
" අහ්...... දුෂ්ටයා.......... මොකද අහස පොලව ගැටගන්න වගේ..?? ඊළඟට මට මොකක්ද පෙරලන බාල්දිය කියලද??"
හරිම නිදහසේ තිබ්බ මගේ ලෝකෙ එක පාරටම ඇහුන කටහඬ නිසා දෙදරලා ගියා......
මේක පුදුම වදයක් උනානේ.........
" අනේ ලාෂි... මට රණ්ඩු කරන්න මූඩ් එකක් නෑ.... මට පාඩුවේ ඉන්න දෙන්න..."
" ආ ඇත්තද.... දුෂ්ට මැඩම්..... තමුසේ මට වද දෙද්දී ඔය මූඩ්ද මොනාද බල බලද හිටියේ??"
" වඳින්නම්....... පින් සිද්දවෙයි මෙතනින් යනවද??"
" ඇයි මේක..... අප්පගේ බූදලයක්ද???....... අනුමි....... ඔ...ඔ....යා.... අඬනවද ඔය??........."
" නෑ මේ හිනාවෙනවා.... වදයක් වෙන්න එපා......"
මං කොච්චර එලෙව්වත් එතනින් නොගිය ලාෂි.... මං හිතන්නවත් කලින් මගේ එහා පැත්තෙන් වාඩිවෙලා මගෙ මූණට එබුනා.........
" මොකද මේ??"
" අනුමි?? ඇයි මේ?? මට කියනවා නම් මං අහන් ඉන්නම්......"
![](https://img.wattpad.com/cover/369951515-288-k535263.jpg)
YOU ARE READING
නුඹ සිඹින්නේ මගෙ සිත විතරද?
Romanceදුක සිතෙන්නේ අපටම පමණද තව සුසුම් වල උණුසුම මොකටද මට තියෙන්නෙ තනිකම තනියට ඔබ සිඹින්නෙ මගෙ සිත විතරද සසින් චාරුක