37

564 48 13
                                    

ගෙදර ඉද්දි මගේ ප්‍රශ්න වලින් බාගයක්ම විසඳෙනවා....... මට ගෙදර ඉද්දි ඇත්තටම ප්‍රශ්න ඔක්කොම අමතක වෙනවා...... මට දැන් හිතෙනවා කැම්පස් ගමන නවත්තලා ගෙදරටම වෙලා ඉන්න..........

ඒත් ඉතිම් මගේ අම්මයි තාත්තයි...... මට මහන්සි වෙලා ඉගැන්නුවේ මගින් හැරිලා එන්න නෙමේනේ..... මගේ ප්‍රශ්න කෙසේවෙතත් මට ඒ දෙන්නා වෙනුවෙන් මේක අල්ලන් ඉන්නම වෙනවා..... තාත්තා උනත් කොහෙහරි ඉඳන් බලන් ඇති මං ලෝකේ දිනනකම්.........

මං බ්‍රහස්පතින්දා රෑ ආපු නිසා ආයේ මට කැම්පස් එකට යන්න තියෙන්නේ සඳුදා උදේ...... ඒ වෙලාවට කෝච්චි නැති හින්දා මට උදේට යන්න වෙන්නේ නම් බස් එකේ..... මොකද යාල් දේවියේ ගියොත් ඉතිං ජැෆ්නවලට යද්දි දවල් තුනවත් වෙනවා........ ඒ උනාට මං බස් වලට වඩා ආසම කෝච්චි වල යන්න..... මොකද බස් වල හිර වෙලා යනවට වඩා කෝච්චියේ නිදහසේ අතපය දිග ඇරගෙන ගියහැකිනේ......

"ම්ම්ම්ම් සුවඳයි......"

මං පහලට යනකොටම අම්මාගේ උයන සුවඳ මගේ නහයට... හොඳට දැනුනා.....

" මොනාද උයන්නේ??...."

මම එතන තියෙන මේසෙන් ඉඳගන්න ගමන් ඇහුවා......

"අද ඔයා කැමතිම නිසා රතු බතුයි..... චිකන් කරියයි.... කුරක්කම් පිට්ටුයි...... මුං හොදි...... පපඩම් බැදලයි....... පිපිඤ්ඤ සලාදෙකුයි හැදුවා......"

"ගොඩක් උයලනේ......."

" ඔව් ඉතින් පුතා එන්නේ කාලෙකින්නේ..... ඒ නිසා පුතා කැමති හැමදේම හැදුවා.... "

ඔව් ඇත්තටම මම ඒ කම්බිනේෂන් එක කන්න හරිම ආසයි.... ඔයාලත් ඇත්තටම වෙලාවක ඒක එහෙම ට්‍රයි කරලා බලන්නකෝ මාරම රසයි.... එතකොට ඔයාලා More More.... තව.... තව...... කියලා ඉල්ලන් කයි......

"උදේට කන්න රෝස් පානුයි සම්බෝලයි තියෙනවා...... පුතා කන්න ගන්නකෝ මම තේ එකක් හදලා දෙන්නම්....."

අම්මා කියද්දි මගේ කටට කෙලත් ඉනුවා.......

"අම්මා ඇස්ට්‍රා තියෙනවා නේද??...."

"ඔව් ඔව් ෆ්‍රිජ් එකේ ඇති"

ඔයාලා රෝස්පාන් වලට ඇස්ට්‍රා ගාගෙන ඒවා සම්බෝලා එක්ක කාලා තියෙනවද?? ඔව් ඔව් මට තියෙන්නේ හරි අමුතු රස නහරක් තමා ඒ උනාට එහෙමත් රසයි........

නුඹ සිඹින්නේ මගෙ සිත විතරද?Where stories live. Discover now