මං හිටියේ දිනුග අයිය යාලුවෙක්ගෙන් ඉල්ල ගත්ත බයික් එකේ පිටිපස්සේ ඉඳගෙන.....
මට තාම හිතාගන්න බෑ.... ඒ කනෙරු මල මම උනේ කොහොමද කියලා.... මං පොතේ එතනින් එහාට කියෙව්වේ නෑ... මොකද මං බලාපොරොත්තු නොවුන දෙයක් තිබ්බොත් මට දරාගන්න බෑ..... ඒක සතුට හෝ දුක හිතෙන දෙයක් උනත් මට එතනින් එහාට දේවල් දැන ගන්න ඕනි උනේ නෑ.......
මගේ හිත හයියෙන්ම ගැහෙනවා..... මට තේරෙනේ නෑ මං අඬන්න ඕනිද හිනා වෙන්න ඕනිද කියලවත්...... මං දන්නේ මං දැන් නම් ඉන්නේ හොඳ සිහියෙන් නෙමේ කියන එක.....
" සසින් මොනාහරි කනවද???..... සසින්...... සසින්.........."
දිනුග අයියා බයික් එක නවත්තලා මගේ පැත්තට හැරිලා මාව හොලවනකම් මං හිටියේ මේ ලෝකේ නෙමෙයි........
" මොකද වෙලා තියෙන්නේ සසින්?? තාම වෙරිද??"
" අහ් නෑ.... නෑ........ ඔලුව රිදෙනවා...."
" මොනාහරි කමු අපි...."
" ආ..... එපා......"
මට දැන් ඕනි උනේ ඉක්මනින් හොස්ටල් එකට යන්න.......
" ඔයා එපා කිව්වට මං අහන්නෑනේ......"
එහෙම කිව්ව දිනුග අයියා කෙලින්ම බයික් එක දැම්මේ පලාලි පාරට..... මං ඉන්නේ අන්දමන්ද දූපත උනත්.... දිනුග අයියා නම් හරි ආතල් එකේ බයික් එක පදිනවා.....
" විසේකාර අරුමැත්තී
නෙතින් කතා පවසන්නී
සුමුදු වදන් තෙපලන්නී
ගමේ පුංචි හැඩකාරී......හිතේ සතුට මාගේ ඔබමයි
ඔය මුහුණට ලොබ බැන්දේ
ගයන ගීය මාගේ සැමදා
ඔයාටමයි මගේ ම්ම්ම්ම්......."දිනුග අයියා මුමුණන සින්දුව හුළඟ නිසා හරියට ඇහුනේ නැතත් හිමීට මට ඇහුනා.... කොහොමත් දිනුග අයියට ලස්සනට සින්දු කියන්න පුලුවන් .........
ස්කෝලේ යන කාලේ මියුසික් රූම් එක ඉස්සරහා තමා අපේ කැන්ටිම තිබ්බේ.... ඉතිම් event කාලෙට මගෙ වැඩේම කැන්ටිමට යන එකම තමා..... දිනුග අයියගේ කටහඬ අහන්න..... ඔයාලා මං කිව්වට විශ්වාස කරන්නෑනේ..... ඒ තරම් ඒ කටහඬ ලස්සනයි ......
" බහින්න......."
දිනුග අයියා ඇවිත් බයික් එක නවත්තනකම්ම මට තේරුමක් තිබ්බෙ නෑ.... මං වට පිට බැලුවාමයි තේරුනේ අපි ඇවිත් තිබ්බේ කොන්ඩවිල් අම්මාච්චි එකට.....
YOU ARE READING
නුඹ සිඹින්නේ මගෙ සිත විතරද?
Romanceදුක සිතෙන්නේ අපටම පමණද තව සුසුම් වල උණුසුම මොකටද මට තියෙන්නෙ තනිකම තනියට ඔබ සිඹින්නෙ මගෙ සිත විතරද සසින් චාරුක