" අයියා දැන් දිගටම නුවර ඉන්නද හිතන් ඉන්නේ??"
ටික දවසකට පස්සේ හැමෝම ඇවිත් තිබ්බේ සසින්ව බලන්න.... නදුන්, නෙතිරු, අයුමි , ලාෂි, තෙයුරි, මෙනුල, තූර්ෂ, සඳුන් වගේම සසින්ගේ බෝඩිමේ ඉතුරු හතර දෙනා... වගේම ලක්දිනුත් මේ ගමන ඇවිත් තිබ්බා......
" හම්ම්..... ආයේ මගෙයි ඒ ගෙදරෙයි සම්බන්දයක් නෑ....."
" මටත් වඩා අයියා ඒ ගෙදර දුක් වින්දා නදුන්.... මාව ඒ අයට වැඩක් නැති නිසා..... ලොකු අම්මට බාර දුන්නේ.... හැබැයි මං ඒකට ගොඩක් ස්තූතිවන්ත වෙනවා.... මොකද ඒ අය කවදාවත් මාව object එකක් විදිහට දැක්කෙ නෑ....... ඒත් අයියව තනිකරම එයාලා දැක්කේ... bussines tool එකක් විදිහට .... ඉතිම් මාත් කැමතියි අයියා මෙහෙ ඉන්නවා නම්.... සීයා තාත්තගේ property ටික බලන්... කොහොමත් අයියා තව මාස ගානකින් ඩිග්රි එක ඉවර කරනවනේ..... "
" දිනුගයා ස්පෙෂල් dgree එකක් කරන්නෑ???"
" නෑ මචං.... මට දැනට ෆස්ට් ක්ලාස් එකක් තියෙන නිසා... General dgree එකෙන් අයින් වෙලා බිස්නස් සම්බන්ද මාස්ටර් එකක් කරන්න ඉන්නේ...."
" එතකොට සසින්??"
" එයා අනිවාර්යයෙන් ස්පෙෂල් dgree එකක් කරන්න ඕනි..."
දිනුගගේ වචන වල වගේම ඇස් දෙකේ තිබ්බ තර්ජනයට සසින්ට කෙල ටිකකුත් ගිලුනා.....
දිනුග එහෙම කියන්න හේතුවකුත් තිබුනා..... මොකද දිනුග ඉස්සරහට බිස්නස් කරන්න බලාපොරොත්තු වෙන නිසා... මැත්ස් වලින්ම ඉස්සරහට ගිහින් තේරුමක් නෑ... ඒ නිසයි දිනුග බිස්නස් පිළිබඳව dgree එකක් කරන්න හිතුවේ... ඒකේ අනිත් පැත්ත සසින්... සසින් කියන්නේ මධ්‍යම ප්‍රාන්තික පවුලක ළමයෙක්... ඉතිම් සසින්ට ගොඩ යන්න නම් ඉගෙන ගන්නම වෙනවා... ඉගෙනීම කියන්නේ ඒ පන්තියෙන් සසින්ලට මිදෙන්න ලැබෙන අත් තටු.....
දිනුගට තිබ්බා... තමන් සෑහෙන්න මුදලක් හම්බ කරන නිසා සසින්ට ලොකුවට ඉගෙන ගන්නේ නැතුව ඉන්න කියන්න..... ඒත් දිනුගට ඕන්නැ සසින් දුර්වලයෙක් කරන්න.... තමන් දිනුගගෙන් යැපෙන්නේ කියන හැඟීම සසින්ට දෙන්න දිනුගට ඕනි උන්නෑ.... සසින් නැගිටින්න ඕනි.... තමන්ගෙම කකුල් දෙකෙන්.. සසින්ට යන්න පුලුවන් උපරිම ලෙවල් එකට සසින් යන්න ඕනි... තමන්ටත් වඩා සසින් හම්බකරොත් තමා දිනුග සතුටු වෙන්නේ.......
YOU ARE READING
නුඹ සිඹින්නේ මගෙ සිත විතරද?
Romanceදුක සිතෙන්නේ අපටම පමණද තව සුසුම් වල උණුසුම මොකටද මට තියෙන්නෙ තනිකම තනියට ඔබ සිඹින්නෙ මගෙ සිත විතරද සසින් චාරුක
