52

268 37 7
                                    

මේ ගෙවෙන්නේ මං දිනුග අයියලගේ බෝඩිමේ ඉඳලා ඇවිත් හතරවෙනි දවස... මං දන්නෑ මට මොනාද වෙලා තියෙන්නේ කියලා.... ඒත් ඒ දවසේ ඉඳලා මං කරේම දිනුග අයියව මග ඇරපු එක......

මං දන්නවා මං මේ කරන්නේ වැරැද්දක් කියලා.... ඒත් මට භයයි ඇත්තට මූණ දෙන්න.....

ඔයාලා කියයි..... ඔයා අවුරුදු ගානක් ඉඳලා බලාපොරොත්තු උනේ ඕක නේද කියලා....... ඒත් ඔයාලා හිතන්නේ මං ඒ දේට භයයි කියලද??

නෑ මං භය ඒ දේ එහෙම නොවුනොත් කියලා....... මං භයයි බලාපොරොත්තු තියාගන්න..... මොකද ඒවා කැඩුනාම ගොඩක් රිදෙනවා..........

" සසින් අනිද්දට මල බතට එනවද?"

" එන්න එපැයි ඉතිම්..."

" මොකෝ උඹ මේ දවස් වල නිකම් හුළන් බැහැලා??"

" එහෙම මුකුත් නෑ....."

මටවත් හිතාගන්න බෑ මං මොකෙක් විදිහට පරිවර්තනය වේගෙන එනවද කියලා...... සමහර විට මං ගලක් වේගෙන එනවද දන්නැ...... හැබැයි මං ආස තිරුවානා ගලක් වෙන්න........

" අද හවස මීටින් එකක් දාලා....."

මේ ළඟක් වෙනකම්ම මේ ලෝකේ මීටින් වලට යන්න කැමති එකම සත්වයා මං උනත් දැන් නම් මං තමා ඒවට යන්න අකමැතිම එකා.....

කමක් නෑ දිනුග අයියා ආවා කියලා.... මට මුකුත් කියන්න බෑනේ.... මීටින් එකනේ .......... ඉතිම් ඒ නිසා හිත හදන් මීටින් එකට යන්න මං හිතාගත්තා.....

මීටින් එක පුරාම කිව්වේ හෙට මල බත ගැන විස්තර... ඇත්තටම හංවඩුව මේ පාර අපිට තියන්න වෙන්නෑලු මොකද දවස් කීපෙකට කලින් සීනියර් බැජ් එකේ අයියලා වගයක් සති දෙකකට suspend උනා රැග් සීන් එකට.... ඉතිම් ඒ නිසා හංවඩුවක් නෑ අපිට.....

ඒ උනාට මං ඔයාලට හංවඩුව ගැන විස්තරයක් කියන්නම්.... හංවඩුව දවසට සෑහෙන්නම කරන්නේ බනින එක.... රැග් කරන එක... එදාට තමන්ගේ කාඩ් එක බැජ් එකටම ඇහෙන්න කියලා.... ඒ කාඩ් එක දාන නිධාන කතාව කියන්න ඕනි..... ඒ කියන්නේ සමහර කාඩ් වලට පරණ කතා තියෙනවා.... ඒවා.........

මල බත කියන්නේ.... අපි එදාට හදනවා කලවම් බතක්.... කලවම් බත් කියන්නේ මේ ඔයාලා දන්න බත් නෙමේ... ඒකට ගස්ලබු... කොමඩු... අයික්‍රීම්..... වඩ..... යෝගට්...... මේ වගේ ගැලපෙන්නෙම නැති කෑම දාලා අනනවා.... අනලා කොල්ලෙකුයි කෙල්ලෙකුයි ගිහින් දෙන්නට කවෝගන්න ඕනි.... එලියට දාන්න බෑ... කෙල්ල දැම්මොත් ඒ වෙනුවට කොල්ලට තව කටක් කන්න වෙනවා.... බත් අනලා වතුර බේසමකින් අත හෝදලා... ඒ හැමෝම අත හෝදන වතුර එකෙන් කෝප්පයක් බොන්න ඕනි...... අහද්දිත් ඔක්කාරෙට එනවා නේ.... 🥲🥲 මොනා කරන්නද රැග් ඔහොම තමා සාන්ත.....

නුඹ සිඹින්නේ මගෙ සිත විතරද?Where stories live. Discover now