32

402 25 8
                                    

ඔයාලට දැනිලා තියෙනවා ද තමන්ගේ ආත්මේ තමන්ගෙන් ඈත් වෙනකොට ඇට මස් ලේ නහර ඉරාගෙන වගේ යන වේදනාවක් ...... මට දැන් දැනෙන්නේ එහෙම වේදනාවක් ...... මට ඒක හරියටම විස්තර කරන්න තේරෙන්නේ නෑ....... තමන්ගේ ඇස් ඉස්සරහම තමන්ගේ බලාපොරොත්තු කඩාගෙන වැටෙනකොට ඒ වේදනාව වචන වලින් කියන්න බැරි තරමට හදවතේ පැත්තක්ම රිද්දනවා........

මට අඩුමගානේ මං දුවනවා කියලවත් තේරුමක් තිබ්බේ නෑ..... මගේ ඇස් වලින් කදුලු වැටෙනවා කියලවත් මට දැනීමක් නෑ ...... මගේ මුලු ස්නායු පද්ධතියම එක පාර ක්‍රියා විරහිත උනා වගේ මට තේරෙන්නේ ........

" මල්ලි මේ මොකද මේ???"

තූර්ෂ අයියා එහෙම අහද්දි මට කරන්න පුලුවන් උන එකම දේ එයාව බදාගෙන හයියෙන් අඬන එක ......

කවුරුහරි කියන්න මට මේ ඔක්කොම හීනයක් කියලා ........ මං නිදාගෙන ඉද්දි දකින නපුරුම නපුරු හීනයක් කියලා ...... මට ඉක්මනින්ම මේ හීනෙන් ඇහැරෙන්න ඕනි දිනුග අයියේ .... ඔයා මගේ විතරයි කියලා කියන්න ඕනි දිනුග අයියේ .........

" හලෝ...... නදුන් මල්ලී...... ඔව් සසින් මගේ ගාව ඉන්නේ....... ඔව් පුලුවන් නම් එනවද....."

මං තූර්ෂ අයියට එයා කවුද නොකියා මගේ හිතේ තිබ්බ සේරම දේ කිව්වා... කියලා ඒ දුක යනකම් ඇඬුවා ......

" මල්ලී......... මං ඇත්තටම දන්නෑ ඒ කවුද කියන්න ...... ඒත් මට කියන්න තියෙන්නේ ...... දැන් එයා ගැන හිතන එක නවත්තන්න ...... ඒක තේරුමක් ඇති දෙයක් නෙමේ ........."

" ඒත් ......... ඒත් .......... මං කොහොමද එක පාර ආදරේ කරපු හිතක් මරලා දාන්නේ???"

" මරන්න එපා....."

" ආ??......."

" වෙන කෙනෙක්ට ඒ හිත දෙන්න ....."

" ඒත් කාටද??? අනික එච්චර ඉක්මනට..??"

" කවුද කිව්වේ ඉක්මනින් කරන්න කියලා ..... විසඳුමක් නැති ප්‍රශ්න වලට හොඳම විසඳුම තමා කාලය කියන්නේ ....."

" හම්ම්ම්.........."

" දැන් අඬන්න එපා..... මං ඉන්නවනේ ඔයාට ....."

" Thankyou .... අයියේ........"

" ඒක thankyou කියන්න තරම් දෙයක් නෙමේ ........"

" සසී??? මොකෝ උනේ......?? කොහෙද අතුරුදන් උනේ??? ඇයි උඹ මේ අඬලා?? කියපන් මැණික මොනාද උනේ???"

මාව දැක්ක ගමන් නදුන් ඇවිත් මාව බදාගත්තා ... හරියට වටින බඩුවක් නැති වෙලා හොයාගත්තම දැනෙන සැනසීම වගේ හැඟීමක් ඒ මූණේ තිබ්බේ........

ඇත්තටම මේ වගේ හොඳ යාලුවෙකුයි... හොඳ අයියෙකුයි ඉන්න එක මගේ හිතට මාර හයියක්....... තමන් වැටෙන වෙලාවට තමන්ට වැටෙන්න නොදී හයියක් වෙන මිනිස්සු.... ජීවිතේ ඉන්නවා කියන්නේ තමන් වාසනාවන්තයි මං හිතන්නේ.....

මට වෙච්ච කිසි දෙයක් තූර්ෂ අයියා ඉස්සරහ නදුන්ට කියන්න බෑ ....... ඔව් මං කැමති දිනුග අයියට කියලා තූර්ෂ අයියට දැන ගන්න තියන්න බෑ...... එයා දැන් මට මෙහෙම ළං වෙලා මට හයියක් උනාට ..... මං ආදරේ කරන්නේ කොල්ලෙක්ට කියලා දැන ගත්තොත් මොනා කරයිද??

ඔයාලා කියයි.... එයා මාව තේරුම් ගනියි එයා මගේ අයියා කියලා ..... ඒ උනාට මෙහෙම දෙයක් දැන ගත්තොත් එයා වෙනස් වෙන්නත් පුලුවන් ... ඒ නිසා ඒ කවුද කියලා තූර්ෂ අයියා නොදන්න තරමට හොඳයි .......

" මල්ලි පරිස්සමෙන් මෙයාව එක්ක යන්න ..... හොස්ටල් එකට ගිහින් අනිවාර්යයෙන් මට කියන්න ....... මොනාහරි කරදරයක් නම් ඒත් කියන්න හරිද???"

" හරි අයියේ......."

තූර්ෂ අයියා මාව හොස්ටල් එකේ පාර ගාවටම ගෙනල්ල යන්න කිව්වෙත් වැඩියේ කැමැත්තකින් නෙමේ .... මං දන්නවා එයාට භයයි මං මොනාහරි කර ගනියි කියලා ..... එයා දන්නවා මං හයිය හිතක් තියෙන මනුස්සයෙක් නෙමේ කියලා ....... අපේ තාත්තා නැති උන වෙලෙත් මං කීප පාරක්ම සිහි නැතුව වැටුනා ..... ඉතිම් ඇත්තටම මං හිත හයිය මනුස්සයෙක් නෙමේ ......

මට මේ දැනෙන දේවල් හිතට බර වැඩියි..... දිනුග අයියව මට අයිති නෑ කියලා දැන දැනත් එයාට ආදරේ කරපු මායි වැරදි......... ඔව්...... මේ ලෝකේ ඉන්න එකම වැරදි කාරයා මම...... නොලැබෙන දෙයක් පස්සේ ගිහින් හිත රිද්දගෙන අඬන මං කොච්චර මෝඩද??? නද්දා.... තූර්ෂ අයියා.... මේ අය මං නිසා කොච්චර දුක් වෙනවද???

මං වෙච්චි හැමදේම නදුන්ට කියලා එයාව බදාගෙන මගේ දුක යනකම්ම ඇඬුවා......

" අපි ඔහොම දෙයක් බලාපොරොත්තු උනානේ සසින්....."

නදුන් මගේ ඔලුව අතගාන ගමන් කිව්ව ඒ වචන ටික විතරයි මට මතක තිබ්බේ.... ඊට පස්සේ මට නින්ද ගියා ......

🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️

කතාව පරක්කු වෙනවට සොරි අනේ... exam අස්සේ නිදහස් ඔලුවක් නැතුව මට අදහස් එන්නෑ අප්පා මේවා ලියන්න .....

දුක හිතෙන දේ කියන්නේ මට exam ඉවර වෙන්නේ දෙසැම්බර් 09....🥲🥲🥲 ඔව් ඔව් අනේ දෙසැම්බර් 09..........

👍👍

නුඹ සිඹින්නේ මගෙ සිත විතරද?Where stories live. Discover now