"ජීවිතෙත් හරි පුදුමයි නේද බන්??"
" ඇයි එහෙම කියන්නේ??"
" නෑ ඉතිම්.... එදා අපි කවදාවත් හිතුවේ නෑනේ.... මුන් දෙන්නා අපේ ජීවිතේ කොටසක් වෙයි කියලා......."
" හම්... බලන්නකෝ නිදාගෙන ඉද්දි තියෙන අහිංසක කම....."
" ඒ උනාට උන් දෙන්නා ලෝක අණ්ඩපාලයෝ දෙන්නා.. දිනුග... උඹටයි මටයි ලේසි වෙන එකක් නෑ........"
නෙතිරු කිව්වේ ලාවට පිටිපස්සට බැල්මක් දීලා වාහනේ එලවන ගමන්.... උදේ ඉර පායනවත් බලලා පොඩි හයික් එකකුත් ගිය සෙට් එක දවල් වෙද්දි ආයේ එන්න ආවා.... තෙයුරිලා... අයුමිලා මෙනුලලගේ ගෙදර ගිය නිසා ආයේ යන්න ඉතුරු උනේ.... නෙතිරුලයි... දිනුගලයි තමා.... එනකොට නම් සසිනුයි නදුනුයි හොඳටම පිටිපස්සේ ශීට් එකට වෙලා නිදා ගත්තේ.... ගමනේ මහන්සියටත් වඩා දෙන්නට දඟලලම තිබ්බ මහන්සියට......
" උඹ දන්නවද දිනුග..... මං උඹට කිව්වා වගේ මං නදුන්ව මුලින්ම දැක්කේ බස් හෝල්ට් එකෙන්.... එතකොට පොර නමය වසරේ... හෙනම දාමරිකයා... ලොලිපොප් එකකුත් කටේ ගහන් සයිඩ් බෑග් එකක් දාන් ඉන්නවා බස් එක එනකම්...... "
" ම්ම්ම්...... තාම දාමරිකකම් නම් ගිහින් නෑ හැබැයි......."
" ඔව්... ඒත් පොරට තියෙන්නේ හරි ලස්සන හිතක්.... මං ඌට කැමති උනෙත් ඒකයි..... මං දවස් කීපයක්ම නෝට් කරන් හිටියේ ..... මූ ස්කෝලෙ ඇරිලා උගේ කෑම එකෙන් ටිකක් ඉතුරු කරන් ඇවිත් අර එහා පැත්තේ පන්ති තියෙන තැන නකුටු බලු පැටියෙක්ට කන්න දෙනවා........"
" සිරාවට........"
" හම්ම්..... පස්සේ උඹ දන්නවද මං මොකක්ද කරේ කියලා??"
" මොකක්ද??"
" මං ඌව ගෙදර අරන් ගියා..... මූ එදා නම් ඇඬුවත් එක්ක.... "
" අම්මටසිරි එතකොට ලැසී කියන්නේ ඒකිද??"
" අන්න හරි.... ගෙදර අයගේ දාහක් බැනුම් මැද්දෙ මං කොහොම හරි ඌව හදාගත්තා...."
" ඉතිම් උඹ මල්ලිට කිව්වෙ නැද්ද??"
" මං කියන්න ඉන්නේ.... එයාව ගෙදර අයට අදුන්වලා දෙන්න ඕනි........."
" උඹට භයක් නැද්ද බන්?? මං කියන්නේ අම්මලා......"
" නැත්තෙත් නෑ..... ඒත් කවදාහරි ඒ දේ වෙන්නත් එපැයි..... එන දේකට මූණ දෙමු....."
YOU ARE READING
නුඹ සිඹින්නේ මගෙ සිත විතරද?
Romanceදුක සිතෙන්නේ අපටම පමණද තව සුසුම් වල උණුසුම මොකටද මට තියෙන්නෙ තනිකම තනියට ඔබ සිඹින්නෙ මගෙ සිත විතරද සසින් චාරුක
