" මේ ගෙදර බබෙක්ගේ සද්දේ ඇහෙද්දි... ශෝක් එකට තියෙයි......"
" ම්ම්........... අපේම පුංචි බබෙක්.... ඔයා ලොකු අප්පච්චී......මං සුදු අප්පච්චී ....."
" ඒ ටිකට නමුත් දැම්මද??...... "
දිනුග සසින්ගේ නහය මිරිකලා අහද්දි සසින් හරි ලස්සනට හිනා උනා.........
" ඔව් ඉතිම්...... "
" සසින් සතුටින්ද??"
" නැත්නම්..... අම්මලා නැති එකට ටිකක් දුකයි.... ඒත් අයියා ඉන්නවනේ...."
" අපි පුලුවන් හැම වෙලේම එයාලව බලලා එමු....."
" අයියා සතුටින්ද??"
" මට ඒ සතුට වචන කරන්න තේරෙන්නෑ සසින්....."
සසින් දිනුගගෙ උරහිසට ඔලුව තියන් බැලුවේ ඒ කඩවසම් මූණ දිහා......
ඔයා කියන කතාව ඇත්ත.... සාමාන්ය ආදර කතාවකට වඩා... පාට හතක් අස්සේ ලියැවුනු ආදර කතා හරි දුෂ්කරයි..... ඕනි වෙලාවට තුරුල් කර ගන්න බෑ.... ඕනි වෙලාවට හාදුවක් දෙන්න බෑ.... ලෝකෙටම කෑ ගහලා මෙයා මගෙයි කියන්න බෑ.... කොටින්ම නීතියකින් එකතු වෙන්නත් බෑ..... කොටින්ම සමාජෙට තනිකරම එහෙම ආදර කතා විහිලුවක්.... ඒත් මං අහන්නේ ආදරේ කියන්නේ රාගයක් විතරමද?? කසාද... දරුවෝ.... මේවා බලාපොරොත්තුවෙන්මද ආදරේ කරන්න ඕනි??? මං නම් හිතන්නේ ගොඩක් ආදර කතා මඟින් නවතින්න හේතුවත් ඒකයි.... විවාහ උනාම... දරුවෝ හැදුවාම ගොඩක් අය හිතන්නේ ආදරෙ.... එතනින් සම්පූර්ණයි කියලා.... ඒ අතරින් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී ආදරේම විතරක් දෙන... හත්පාට ආදර කතා අසම්මතයි කියන්න පුළුවන් ද??? එහෙම ආදරයක අයිතිකාරයෙක් වෙන්න සෑහෙන්න දෛර්යක් තියෙන්න ඕනි..... මගේ දිනුග අයියා එහෙම කෙනෙක්.... මං වෙනුවෙන් හැමදේම දරන්... අපේ ආදරේ පරිස්සම් කරපු එයා... ඇත්තටම මගේ දෙවියෝ වගේ...
සසින් ඒ අත් බාහුවක් උඩ පුංචි හාදුවක් දුන්නා.........
" සසින්..... "
" ම්ම්............"
" මං ආදරේ කරන්න දැන්නෑ සසින්..... මං ආදරේ දෙන්න දන්නෑ.... හැම වෙලේම ආදරනීය දේවල් කියන්න දන්නෑ..... මොකද මං පොඩිකාලේ ඉඳලම ආදරයක් වින්දේ නෑනේ..... මගෙන් සසින්ගේ හිත රිදෙයි..... අනේ එහෙම මොනාහරි උනොත් ඒක මට කියන්න.... මාව දාලා යන්න නම් හිතන්නවත් එපා සසින්..... මට මැරෙන්න හිතෙනවා එතකොට..... මං සසින්ට මහ ගොඩක් ආදරෙයි... ඒක වචන කරන්න මං දන්නෑ... මං දන්නේ මගේ පණ දීලා හරි මේ කනෙරු මල මං රකින්න ඕනි කියන එක විතරයි......"
YOU ARE READING
නුඹ සිඹින්නේ මගෙ සිත විතරද?
Romanceදුක සිතෙන්නේ අපටම පමණද තව සුසුම් වල උණුසුම මොකටද මට තියෙන්නෙ තනිකම තනියට ඔබ සිඹින්නෙ මගෙ සිත විතරද සසින් චාරුක
