𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 01

14.9K 769 104
                                    

__Taehyung pov__

හැමදාම වගේ අදත් මං උදේ පාන්දරම නැගිටලා කොලේජ් යන්න ලෑස්ති වුනා...
හ්ම්ම්...මට අද කොලේජ් එකේ කිසිම ලෙක්චර් එකක් නෑ ඒත් මං යන්නේ එයාව බලන්න ඕන නිසා...ඒ හිනාව ඒ මූණ බලන්න ඕනේ නිසා...හ්ම්ම්...කෝපි කෝප්පය අතට ගන්න ගමන් මගේ මූණේ හිනාවක් ඇදුනේ එයාගේ ඒ ලස්සන හිනාව මතක් වුන නිසා...

මගේ නම Kim Taehyung...එහෙම තමයි Birth certificate එකේ ලියලා තිබුනේ...
උපතින්ම අනාථයෙක්...කාත් කවුරුවත් නැති පොඩි කාලේ ඉදන් අනාථ නිවාසේ ජීවත් උන කවදාවත් දෙමව්පිය සෙනෙහස විදලා නැති ළමයෙක්...ඒත් ආදරේ කියන්නේ මොකක්ද කියලා මම හොදටම දන්නවා...ඒ උණුහුම මට ගොඩක් වෙලාවට ඕන වුනා...මාත් කෙනෙක්ට ආදරේ කරනවා ඒත් කවදාවත් ලබා ගන්න බෑ...මොකද එයා ගොඩක් පෝසත් අහංකාර කොල්ලෙක්...මොනාද වුනත් මං හැමදාම එයාට දුරින් ඉදන් ආදරේ කරනවා...මොකද ඒක මගේ ලැබීම වෙන්න ඇති....

කෝපි කෝප්පේ බීලා ඉවර වෙලා ජැකට් එකත් ඇගට දාගත්ත මං ඉක්මනට එපාර්ට්මන්ට් එකෙන් පිටතට ආවා...ear phone එකත් කනේ ගහගත්ත මං හිමින් හිමින් පාර දිගේ ඇවිදගෙන ගියේ අවට සුන්දරත්වයත් නරඹන ගමන්...

විනාඩි කිහිපයකින් මං මට ඕන තැනට ලං වුනා...කොලේජ් එකේ ගේට් එක පේන මානේ ට එනකොට කනේ ගහන් හිටිය Ear phone ගලවලා බෑග් එකට දාගෙන ඉක්මනට කොලේජ් එක ඇතුලට දිව්වා...

" අඩෝ Tae..."

මං බලුවා මේකා මොකද පරක්කු කියලා...හිතුවා වගේම ජෙනී ඇවිත් පිටිපස්සෙන් මගේ බෙල්ලට කඩාගෙන පැන්නා...හම්මෝ මගේ කොන්ද...මල්ටි බැරල් එකක් වගේ මේකා...

" මොකද හලෝ...අල ගෝනියක් වගේ ඉදගෙන...මෙතන කොන්ද කඩන්නද හදන්නේ...?? "

" මොකෝ කරස් එක බලන්නද ආවේ..."

" හ්ම්ම්...ඔයා අද පට්ට ලස්සනයි ආ...මොකෝ දන්නෙ නෑ ඉතින්..."

ජෙනී කියන්නේ මගේ හොදම යාළුවා...එයා ගොඩක් පෝසත් කෙනෙක් වුනත් කිසිම ලොකු නමක් නෑ...හරිම සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනෙක් එයා...හැම වෙලාවෙම හිනා වෙලා ඉන්න කෙනෙක්...පුංචි දේකින් වුනත් එයාව සතුටු කරවන්න පුළුවන්...හරිම ලස්සන හුරුබුහුටි කෙල්ලෙක් වුනත් කටනම් අම්මෝ වක්කඩයක් වගේ...

ᴛʜᴇ ʀᴏꜱᴇ ʜɪᴅᴅᴇɴ ɪɴ ᴛʜᴇ ᴅᴇᴠɪʟ'ꜱ ᴀʀᴍꜱ | 𝙑𝙆 | ✓✓Where stories live. Discover now