𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 62

3.6K 457 260
                                    

After three months ~

පාළුවට ගිහින් තිබුණ සොහොන් පිට්ටනිය පුරාම පැතිර ගියේ එක් තරුණයෙකු ගේ නිම නොවන ඉකි බිඳුම් හඬක්..පැය දෙකකට ආසන්න කාලයක් තිස්සේ ඒ සොහොන් කොත ඉස්සරහට වෙලා හඬන ඔහු දිහා ඈත ඉඳන් තවත් ඇස් දෙකක් බලන් හිටියේ ඒ වගේම කදුළු පිරුණු ඇස් වලින්..

මුලු පරිසරයම පුරාම වේගයයෙන් පැතිර යන සීතල නිසා දැන් දැන් ඒ මුලු සිරුරම සීතලට වෙව්ලන්න අරන්..එ්ත් ඔහු එතනින් පිටව යන්න සූදානමක් නැති පාටයි..ඒ මුලු මූණම රතු වෙලා, දවස් ගානක් තිස්සේ නිදි වර්ජිත ඒ ඇස් අඬලා අඬලාම රතු පටට හැරවිලා ඉදිමී තිබුණා..සීතලට වෙව්ලන ඒ තොල් අතරින් නිතර නිතරම පිට වුනේ එකම වචනයක් පමණයි..

" හි-යොන්ග් ~ "

ඒ අද දවසේ කී වෙනි වතාවටද කියන්න දන්නේ නෑ..මුවෙන් දහස් වාරයක් නම් හිතින් සිය දහස් වාරයක් ඔහු ඒ නම
මිමිණුවා..ඈත ඉඳන් මේ දිහා කදුළු ගලන ඇස් වලින් බලන් හිටිය ඒ කෙනා තවත් ඉවසන්න බැරිම තැන සොහොන් කොත ඉස්සරහ ඉකි බිඳින ඔහු ලගට ඇවිදගෙන පැමිණියා..

" ෆි-ලෙක්ස් ~ "

ඔව් ඒ ෆිලෙක්ස් තමයි! කාටත් හොරා හැමදාමත් සොහොන් පිට්ටනියට ඇවිත් හියුන්ජින් ගේ සොහොන් කොත ඉස්සරහ තමන්ගේ දුක කදුළු වලින් ඔහු දිය කලා..හියුන්ජින් ගේ සොහොන් කොතට එහා පැත්තේ පුංචි ගුකී ගේ සොහොන් කොතත් තිබුණා..

ඉතින් ෆිලෙක්ස් හැමදාමත් ඒ දෙන්නට සුදු පාට පිරිසිදු ටියුලිප් මල් අරන් ඇවිත් පාලු සොහොන් පිට්ටනියට වෙලා ඔවුන් ගේ තනි මැකුවා...

" ජි-මිනා ~ "

ෆිලෙක්ස් අසලින්ම වාඩි වුන ජිමින් ගේ කට හඬ නිසා ඔහු මදක් තිගැස්සී ගියා.. කදුළු අතරින්ම ජිමින් ගේ නම මිමිණුව ෆිලෙක්ස් ජිමින් ගේ පපුවට තුරුල් වුනා..

" අපි දැන් යමු නේද ෆිලෙක්ස්? ම්ම්.."

ෆිලෙක්ස් ගේ හිස පිරිමදින ගමන් ජිමින් විමසද්දි ජිමින් ගෙන් ඈත් වුන ඔහු වේගයෙන් හිස දෙපසට වැනුවා..

" බ්-බෑ ජිමිනා! හියොන්ග් වයි ගුකී වයි දාලා යන්න බෑ! "

කම්මුල් තෙත් කරමින් පහලට කඩා හැලෙන කදුළු කැට අත් දෙකින්ම පිස දමමින් ඔහු පැවසුවේ නැවත නැවතත් ඒ ඇස් අස්සේ නොනවත්වාම පිරෙන කදුළු බිංදු නිසා බොඳ වුන ඇස් වලින් හියුන්ජින් ගේ සොහොන් කොත දිහා බලාගෙනමයි..

ᴛʜᴇ ʀᴏꜱᴇ ʜɪᴅᴅᴇɴ ɪɴ ᴛʜᴇ ᴅᴇᴠɪʟ'ꜱ ᴀʀᴍꜱ | 𝙑𝙆 | ✓✓Where stories live. Discover now