𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 56

4.6K 562 257
                                    

" ම්-මං pregnant ද ? "

තේහියොන් අහද්දි ජින් ගේ මූණ සම්පූර්ණයෙන්ම වෙනස් වුනා..
pregnant තේහියොන්ම තමන් pregnant ද කියලා අහද්දි ජින් ගේ හිතට අමුත්තක් දැනුනා..ඒ කියන්නේ ජන්කුක් තේහියොන් ට මුකුත් කියලා නැද්ද ? ඒත් ඇයි ? ජින් කල්පනා කලා..තේහියොන් ගේ නොසන්සුන් වෙලා තියෙන මුහුණ දැක්කාම තේහ්ගියොන් ඒ දේ ගැන මෙච්චර කාලයක් දැනගෙන ඉදලා නෑ කියලා ජින් ට තේරුණා..

" අ-අනේ හියොන්ග් කියන්නකෝ ~ "

තේහියොන් වෙව්ලන අල් වලින් ජින් ගේ අත අල්ලගත්තා..ජන්කුක් තේහියොන් ගෙන් මේ දේ හංගන්න මොකක් හරි හේතුවක් ඇති කියලා හිතුව ජින් ජන්කුක් දිහා බැලුවා..ජන්කුක් හිටියේ අහක බලාගෙන..ජන්කුක් කොහොමද තේහියොන්ට උත්තරයක් දෙන්නේ ? ජන්කුක් කොහොමද තේහියොන්ට කියන්නේ එයාගේ බඩේ ඉන්න දරුවා ගේ ජීවිතේ ගැන බලාපොරොත්තු තියා ගන්න එපා කියලා..ජන්කුක් දිහා බලාගෙන ඉන්න ජින් ගේ මුණිවත තේහියොන් ව තවත් කලබල කලා.. ජන්කුක් ලගට ලං වුන තේහියොන් ජන්කුක් ගේ මූණ තමන්ගේ පැත්තට හරවාගද්දි තේහියොන් ගේ උකුලේ හිටිය යොන්දෝව ජින් තමන්ගේ ලගට අරගත්තා..

" ක්-කුකී කියන්නකෝ හියොන්ග් මොකක්ද ඒ කිව්වේ කියලා ඔයාවත් මට කියන්නකෝ..එයා කිව්වේ ඇත්තක්ද කියලා කියන්නකෝ..ඇයි එයා මගේ ටමී එකේ චූටි පැටියෙක් ඉන්නවා කිව්වේ ? අනේ ක්-කුකී මට උත්තර දෙන්න..
ඇ-ඇයි ඔ-ඔයා ඔහොම ඉන්නේ මොනා හරි කියන්න කු-කී.."

තේහියොන් ජන්කුක් ගේ කොලර් එකෙන් අල්ලගෙන ඉකි ගගහ අඩද්දි ජන්කුක් කලේ ඒ ඇස් මග හැරිලා අහක බලන් හිටිය එක විතරයි..ජන්කුක් තාමත් තේහියොන්ට දෙන්න උත්තරයක් කල්පනා කරනවා..මේ දිහා බලන් හිටිය සෙලේනා යටි තොල හපාගන්න ගමන් තමන්ගේ කදුළු පාලනය කරගන්න උත්සාහ කලා..

" ජින් ඔප්පා එන්න අපි යමු ! "

සෙලේනා කියද්දි මේ වෙන දේවල් ගැන වුන දේවල් ගැන කිසිය අවබෝධයක් නැති ජින් යොන්දෝ වත් රැගෙන සෙලේනා සමග කාමරෙන් පිටව ගියේ ජන්කුක් ව සහ තේහියොන්ව ඒ කාමරේ තනි කරලා දාලා..තේහියොන් තාමත් ජන්කුක් ගේ කොලර් එකෙන් අල්ලගෙන උරහිසට ඔලුව බර කරගෙන ඉකි ගගහ අඩනවා..ජන්කුක් උත්තරයක් දෙයි කියලා ඒ හිත බලාපොරොත්තු වුනා..ඒත්...

ᴛʜᴇ ʀᴏꜱᴇ ʜɪᴅᴅᴇɴ ɪɴ ᴛʜᴇ ᴅᴇᴠɪʟ'ꜱ ᴀʀᴍꜱ | 𝙑𝙆 | ✓✓Where stories live. Discover now