𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 48

3.9K 555 289
                                    

දින දෙක තුනක් හරිම වේගයෙන් කරදරේ කින් තොරව ගලාගෙන ගෙන ගියා..මේ දවස් ටිකේම තේහියොන් ට තමන් ගැන අමුත්තක් දැනුනා ඒත් ඔහු ඒ ගැන කාටවත් කියන්න ගියේ නෑ..හැම නිතර එන උදර වේදනාව තව තවත් වැඩි වෙද්දි රැයක් දවාලක් නැතිව හැමතිස්සෙම තේහියොන්ට Vomit වුනා..නිතරම දැනෙන ක්ලාන්ත ගතිය මේ හැමදේම ගැන තේහියොන්ට ජන්කුක් ට කියන්න ඕන උනත් ආයෙත් ජන්කුක් Porsche ට කියලා injection ගහයි කියන දැඩි බිය හෙයින් තේහියොන් ඒ දේවල් තනියම දරාගෙන හැමෝගෙන්ම හංගන් ඉන්න වග බලාගත්තා..

ඒ වගේම මේ ගෙවුන දින කිහිපය තුල එන්න එන්නම තේහියොන් ගේ අමුතු අමුතු හැසිරීම් , වෙනස්වීම් දරාගන්න බැරි දඟවැඩ දෙගුණ තෙගුණ වෙද්දි තේහියොන් ව ගෙදර දාලා ඔහු ගෙන් පැනලා යන ජන්කුක් ඇරෙන්න ගෙදර ඉන්න අනික් හැම මනුස්සයෙක්ටම සිද්ධ උනා මේ දඟබෝලේ ගේ නසරානි වැඩ නිසා දුක් විදින්න වගේම එයා කරන දඟ වැඩ නිසා ඩෙවිල් ගෙන් කුණු බැනුම් අහන්න සිද්ධ උනෙත් අර අහිංසක ජිමින් සහ ෆෙලික්ස් ටයි..මොකද ඩෙවිල් ගේ පුංචි රෝසමල බලාගන්න වගකීම බාර වෙලා තිබුණේ ඔවුන්ට නිසා..

උදෑසනින්ම අවදි වෙන තේහියොන් දවල් වෙනකල්ම කරන්නේ මිනිසුන්ව කපන කොටන films දහයක් විතර බලන එක..තේහියොන් සාමාන්‍යයෙන් ඒ වගේ films බලන කෙනෙක් නෙවෙයි ඉස්සර එයාට ඒවා බලද්දි ඇස් වලට කදුළු එනවා ඒත් දැන් තේහියොන් ඒ films බලන්නේ වහ වැටිලා වගේ..ඉස්සර තේහියොන් TV බලන වෙලාවට සේහී සහ ජින් ඔහු එක්ක එකතු උනත් දැන් නම් පැත්තවත් බලන්නේ නෑ..

උදේ ඉදන් දඟ වැඩ කරන ඩෙවිල් ගේ දඟබෝලේ ජන්කුක් ගෙදර එන වෙලාවට මුකුත් නොකරපු හොර පූසා වගේ පෝය දොළහටම සිල් ගත්ත උපාසක මහත්තයා වගේ අහිංසක විදියට ඉන්නත් පුරුදු වෙලා හිටියා මොකද නැත්තං ජන්කුක් එයාට හැමදාම හවසට එනකොට අරන් එන එක එක ජාතියේ රස රස කෑම ටික නැති වෙයි කියන බයට..

වෙලාව හවස හයට කිට්ටු වෙලා තිබුණා..කාමරේ බැල්කනි එකට වෙලා හිටිය තේහියොන් අත් වැටට බර වෙලා හිරුගේ රත්තරන් පැහැති ආලෝකයෙන් හැඩවෙලා තියෙන අහස් කුස දෙස එක දිගට ම බලාගෙන හිටියේ පුදුම ආසාවකින් ඒත් ජන්කුක් එන වෙලාව හරි කියලා මතක් උන විගස තේහියොන් අදත් පුරුද්දට වගේ living room එකට දුවගෙන ගිහින් හරි බරි ගැහිලා සෝෆා එකකින් වාඩි වෙලා එයාගේ ඩෙවිල් එනකල් මග බලන් හිටියා..

ᴛʜᴇ ʀᴏꜱᴇ ʜɪᴅᴅᴇɴ ɪɴ ᴛʜᴇ ᴅᴇᴠɪʟ'ꜱ ᴀʀᴍꜱ | 𝙑𝙆 | ✓✓Where stories live. Discover now