" එන්න ඇතුලට.. "
ඇය දොර ලගින් ඈත් වී ඔහුට ගේ ඇතුලට එන්න ඉඩ ලබා දෙද්දී ඇය අතට තමන්ගේ කෝට් එක දුන් ජන්කුක් ගේ ඇතුලට ගියා.. ඒත් එක්කම වගේ තරුණිය එලිය දිහා විපරම් කර ගේ දොර වසා දැමුවා...
එහෙනම් ජන්කුක්ගේ තාවකාලික සැනසීම මේකද ?
වැරැදි ඔහු පැමිණියේ තමන්ගේ එකම සැනසීම සොයාගෙන..
නිවස ඇතුලට ඇවිදගෙන පැමිණි ඔහු විශාල සාලය කෙලවරක තියෙන පඩිපෙල දිහාවට ඇවිදගෙන යද්දී ඔහු සමග සිටි සුන්දර තරුණිය ගොස් සාලය මැද තිබුණූ මිල අධික සෝෆා වෙන් වාඩි වී කකුල් පිට කකුල් දා ගත්තා.. මෙච්චර වෙලා ප්‍රියජනක හිනාවකින් මූණ පුරවාගෙන හුරතල් විදියට හිටිය ඇගේ මුහුණ සමාන්‍ය අතට හැරෙන්නට ගත වුනේ තප්පරයක් විතරයි...
" ඈ බොල අප්‍රිකානු අසහනකාරයෝ දැන්ද යකෝ උඹට මෙහෙ මතක් වුනේ ?"
පඩිපෙල දිගේ උඩට නගින ජන්කුක් නැවතුනේ ඔහුගේ කෑ ගහලා බනින සෙලේනාගේ කටහඩින්.. ඔහු යාන්තමට හිනාවෙලා පිටිපස්ස හැරිලා ඇය දිහා බැලුවා..
" ඩොක්ටර් ආවද ? "
ඒ කටහඩේ තියන වෙනස අන් කාටත් වඩා හොදින්ම දන්නේ සෙලේනා.. මොකද ඇය දන්නවා ජන්කුක් කියන්නේ කාටද කියලා.. හැමදාමත් තමන් ඉස්සරහ ආඩම්බරව හිටිය තරුණ පිරිමියා අද කඩා වැටිලා ඉන්න විදිහ දැක්කම ඇගේ ඇස් කොන් පවා කදුලු වලින් තෙත් වුනා..
" හ්ම්ම් ඔව් ආවා ජිමින් ඔප්පායි ෆෙලික්ස් ඔප්පයි ඉන්නවා උඩ.. "
සෙලේනා ජන්කුක්ගේ ප්‍රශ්නයට හිස වනා උත්තර දෙද්දි ඇයට හ්ම් හඩකින් ප්‍රතිචාර දැක්වූ ඔහු නැවතත් පඩිපෙල නගින්නට පටන් ගත්තා.. ඒ දිහා බලාගෙන අඩන්න බැරි කමට තොල් හපාගෙන හිටියා සෙලේනා බර හුස්මක් පහතට හෙලමින් එතනින් නැගිටලා kitchen එක දිහාවට ඇවිදගෙන ගියා..
නිවසේ උඩ තට්ටුවට පැමිණි ජන්කුක් එහි කොරිඩෝව දිගේ ඇවිදගෙන ගිය ජන්කුක් දැක්කේ කාමරයක් ඉස්සරහ හිටගෙන ඉන්න ෆෙලික්ස් ව..
YOU ARE READING
ᴛʜᴇ ʀᴏꜱᴇ ʜɪᴅᴅᴇɴ ɪɴ ᴛʜᴇ ᴅᴇᴠɪʟ'ꜱ ᴀʀᴍꜱ | 𝙑𝙆 | ✓✓
Fanfiction" ම්-මං ඔයා-ගේ ක්-කවුද ජ-න්කූ..." Taehyung තමන්ගේ නළල jungkook ගේ නළල මතින් තියලා තද කරද්දි jungkook Taehyung ගේ කම්මුල් දිගේ පහළට වැටෙන කදුළු කැට මහපට ඇඟිල්ලෙන් පිසදැම්මේ නැවත Taehyung ගේ හිස් මුදුනින් ආදරණීය හාදුවක්ද තබමින්... " ආයේ කවුරු හරි bab...