After one week...
ඩෙවන් ගුවන් සහ ඔහුගේ සගයන් ඇතුලු සියලු දෙනාම කොරියාවට ඇවිත් සතියක් ගත වුනා..තේහියොන් පවා ඉස්සර වගේම සමාන්ය විදිහට අනෙක් අය ඉස්සරහ ඉන්න උත්සාහ කලා..හේතුවක් නැතුව තමන්ගේ හිතේ හැම නිතරම ඇති වෙන තරහ පාලනය කර ගන්න තේහියොන් පුලුවන් තරම් උත්සහා කලා..ජන්කුක් වුනත් හිතුවේ තේහියොන් කලින් වෙනස් විදියට හැසිරුණේ එයා ඩුබායි වලට අකමැති නිසා කියලා..නමුත් ඇත්තටම එහෙමද ?
" බුවෑක් !! "
උදේ වරුවේ තුන්වෙනි වටාවත් තේහියොන්ට එයා කෑව කෑම වමාරන්න වුනා..ජින් ඔහු අසලින්ම ඉදගෙන ඒ පිට අතගෑවේ කොමඩ් එක දිහාවට නැවිලා වමනේ දාන තේහියොන්ගේ ඇඩිල්ල නිසා..
" දැන්නම් ඇති ටේ ! මම කෝල් කරනවා අපේ Family doctor ට.. "
ජින් කිව්වේ තේහියොන් සින්ක් එකෙන් මූණ හෝදන ගමන් ඉද්දි.. ඒත් ඇත්තටම තේහියොන් බයයි මේ එයාට හැදිලා තියෙන ලෙඩේ ගැන දැනගන්න.. කවුද දන්නේ භයානක බෝවෙන ලෙඩක් වුනොත් එයාට එයාගේ කුකී ලගට යන්න වෙන්නෙත් නැති වෙයී...
" අනේ හියුන්ගී අපි--- "
" දැන් හොදටම ඇති ඔය හිටියා ! මං ඩොක්ටර් ශින්ට කතා කලා..එයා එන ගමන් ඉන්නේ ආ එයා එක්ක Porsche ත් එයි මොකද එයා ඔයාගේ blood samples වල රිපෝට් එකත් අරගෙන එන්නේ..."
ජින් තරහින් කියාගෙන නාන කාමරයෙන් පිටතට යද්දි තේහියොනුත් ඔහුගේ පිටු පසින් බර අඩි තියමින් වේගයෙන් ගමන් කලා..කාමරේ දොර දිහාවට වේගයෙන් ඇවිදගෙන යන ජින් ගේ පාර තේහියොන් විසින් හරස් කලා..
" අනේ හියුන්ගී අපි තව ටික දවසක් ඉමු..."
තේහියොන් ඇස් වල කදුළු පුරවගෙන ජින් ගෙන් ඉල්ලද්දි ජින් හිස දෙපසට වනලා ඒ ඉල්ලීම ප්රතික්ෂේප කලා..දවසින් දවස තේහියොන් නිතර නිතර ලෙඩ වෙන එක ගැන මෙතරම් දවසක් හැමෝගෙන්ම හංගගෙන හිටිය එක ගැන ජින් ගොඩක් පසුතැවිලි වුණා..තේහියොන්ව ඔහුගේ මාර්ගයෙන් ඉවත් කල ජින් කාමරෙන් එලියට යන්න සැරසුණත් තේහියොන් ආයෙත් ජින්ගේ අතින් අල්ලගත්තා..
" හියුන්ගී please ~ "
තේහියොන් එයාගේ Puppy eyes වලින් ජින්ව රවට්ට ගන්න හැදුවත් ජින් තේහියොන් ගේ හුරතල් ඇස් වලට නොරැවටී ඉන්න වග බලාගත්තා..
YOU ARE READING
ᴛʜᴇ ʀᴏꜱᴇ ʜɪᴅᴅᴇɴ ɪɴ ᴛʜᴇ ᴅᴇᴠɪʟ'ꜱ ᴀʀᴍꜱ | 𝙑𝙆 | ✓✓
Fanfiction" ම්-මං ඔයා-ගේ ක්-කවුද ජ-න්කූ..." Taehyung තමන්ගේ නළල jungkook ගේ නළල මතින් තියලා තද කරද්දි jungkook Taehyung ගේ කම්මුල් දිගේ පහළට වැටෙන කදුළු කැට මහපට ඇඟිල්ලෙන් පිසදැම්මේ නැවත Taehyung ගේ හිස් මුදුනින් ආදරණීය හාදුවක්ද තබමින්... " ආයේ කවුරු හරි bab...