𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 58

4.8K 562 531
                                    

Flashback...

සාරා එසේත් නැතිනම් කිම් තේජූන්ගේ අනියම් පෙම්වතිය සහ අබ්දුල්ගේ සැබෑ මව.. කොරියාවේ අතිසුඛෝපභෝගී හෝටලයක් තුළ මිල අධිකම කාමරයක නවාතැන් අරගෙන හිටියා... සල්ලි කොලවලට වහල් වුනු ඇගේ එකම ඉලක්කය වුනේ ඩෙවන් ගුක්ව පාරෙන් අයින් කරලා දාලා අබ්දුල්ට ඒ තැන ලබාදෙන එක.. කොටින්ම කිවහොත් මේ හැම සිද්ධියකම මහමොළකරු තේජූන් නොවේ ඒ සාරා.. ඇගේ අණටයි සැලැසුම් වලටයි තමයි මෙතරම් නාඩගමක් සිද්ධ වුනේ..

" පුතා.. ඔයා කොහෙද ඉන්නේ ? අර තේහියොන් ව හොයාගත්තද ? "

තමන්ගේ කාමරයේ කෙලවර තිබුණු සුවපහසු දිගු සෝෆාවේ වාඩි වී සිටි ඇය අබ්දුල් සමග දුරකථන සංවාදයක නිරත වෙමින් සිටියා.. ඒ අතර තුරේ කාමරේට පැමිණි හෝටල් සේවකයකු තල්ලු කරගෙන පැමිණි ට්‍රොලිය උඩ හැඩ කර තිබුණු වයින් බෝතලය දුටුව ඇය අතින් සන් කලා ඇයට වයින් වීදුරුවක් අවශ්‍ය බව ඒ අණට හිස සැලුව සේවකයා සාරා ඉන්න සෝෆාව ඉදිරියේ ඇති පුංචි වීදුරු මේසය උඩින් වයින් වීදුරුවක් තියා අතට ගත් වයින් බෝතලයෙන් වයින් ඒ තුලට වත් කරන්න පටන් ගත්තා..

" හරි පුතා කලබල වෙලා තීරණ ගන්න හොද නැහැ.. කොහොමත් ඕකගේ බඩේ ඉන්නේ අරූගේ ලේ ඒ නිසා තේහියොන්ව නැතත් ලමයව නැති කරලා දාන්න ඕන.. ඒ තැනට වැඩ කරන්න කොහොම හරි ඒ අනාථයව හොයාගන්න.. ඩෙවන්ගේ අතට ඒ කොල්ලා ගියොත් අපේ සේරම ප්ලෑන්ස් ඉවරයි... මම මෙච්චර කාලයක් මහන්සි වුන එක වතුරේ යයි.. "

සේවකයා ගෞරවයෙන් ලබාදුන්න වයින් වීදුරුව දෑගිලි වලින් අල්ලගෙන ඇය ඒ වයින් තොල ගාන්න පටන් අරගත්තා..

" හරි ඩෑඩ්ට මේ දේවල් කියලා එයාව තවත් ටෙන්ශන් කරන්න එපා.. ඔයා හෙමීට මේ දේවල් හැන්ඩ්ල් කරන්න පුරුදු වෙන්න ඕන.. මොකද ඊළග ඩෙවන් ගුක් වෙන්න ඕන ඔයා නිසා.. "

" හරි පැටියෝ පරිස්සමින් මාම් ආදරෙයි ඔයාට..."

දුරකථන සංවාදය නවතා දැමූ ඇය දුරකථනය පැත්තකින් තියලා වීදුරුවේ ඉතිරි වයින් උගුරත් බී අවසන් කලා.. නමුත්...

" අයිශ්... "

වයින්වල අවසානයේ දැනුනු අමුතු බෙහෙත් තිත්ත රසත් සමගින් ඇගේ ඔලුව කැරකෙනවා වගේ කියලා සාරාට දැනුනා... නිදිමතක් මෙන් දැනෙන මත් බවට දෑස් පියන් පියවෙන්නට දගලද්දි ඇය දුටුවේ තමන් ඉදිරියේ හිටගෙන ඉන්න සේවකයාගේ වියරු හිනාව.. ඇගේ ඇස් ටිකෙන් ටිකෙන් ලොකු වුනේ සේවකයා තමන්ගේ එක අතකින් ඔහුගේම මුහුණේ හම ඇදගන්නවා වගේ දැකපු නිසා.. නැහැ ඇත්තටම ඒ හම නොවේ වෙස් මුහුණක්..

ᴛʜᴇ ʀᴏꜱᴇ ʜɪᴅᴅᴇɴ ɪɴ ᴛʜᴇ ᴅᴇᴠɪʟ'ꜱ ᴀʀᴍꜱ | 𝙑𝙆 | ✓✓Where stories live. Discover now