𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 47

4K 518 415
                                    

තේහියොන් ඇවිදගෙන ගියා... එයා හිටියේ මුහුදු වෙරළක.. දම් පාට මැණික් කැට වගේ ලස්සන මුතු බෙල්ලන් වෙරළ පුරාම තැන තැන වැටිලා තිබුනා.. හරියට මුතු බෙල්ලන් වැස්සක් කඩා වැටුණා වගේ.. සංසුන් මුහුදු රළ තැනින් තැන ඇඳෙන සුදු පැහැති පෙණ කැටි උඩ නිල්පාට දිලිසෙන කුඩූ ඉහලා වගේ වෙරල ගහගෙන ඇවිත් ආපස්සට මුහුද දිහාවටම ගියා..

තේහියොන් ඒ දිහා බලාගෙන හිටියේ හදවතේ ඇතිවුන අමුතු සංසුන් බවකින්.. එයාට මේ පරිසරය සුරඟන ලොවක් මෙන් දැනුනා.. දුහුල් සුදුපාට දිගු ඇදුමකින් සැරසී සිටි ඒ පුංචි රෝසමල කෙටි පියවර වලින් වෙරල දිගේ ඇවිදගෙන ගියා.. අඩ රේඛාවක් වගේ දිස් වුන හද වටා තරුමල් පොකුරු ගැසී තිබුනා.. ඒ සියල්ලම පාහේ දිලිසෙන තීන්ත වලින් සිත්තම් කල සුන්දර සිතුවමක් වගේ කියා තේහියොන්ට හිතුනා..

ටික දුරක් ඇවිදගෙන ගිය තේහියොන් දැක්කා එයාගේ එකම ආදරය.. ඒ තේජවන්ත ආඩම්බරකාර රුව.. උඩුකය නිරුවත් ජන්කුක් හැද සිටියේ කලුපාට දිගු කලිසමක් පමණයි..ඔහුගේ එක අතක රැදි ටැටූ ඒ වෙලාවේ හුගක් දුරට කැපිලා පෙනුනා.. අනිත් හස්තයේ යම් දෙයක් රදවාගෙන සිටි ඔහු හිටියේ තේහියොන්ට පිටුපා නිසා තේහියොන් ඒ දේ දැක්කේ නෑ... මුව පුරා ඇදුනු ආදරණීය හිනාවක් එක්ක රෝසමල එයාගේ යක්ශයා ලගට ඇවිදගෙන ගියා..

" කුකී ~ "

ජන්කුක් අසලටම පැමිණි තේහියොන් එක අතක් ජන්කුක්ගේ උරහිස උඩින් තියද්දි යාන්තමට මුවේ ඇදුනු හිනාවක් එක්ක ජන්කුක් තේහියොන් දිහාවට හැරුනා...

" Baby ~ "

ජන්කුක් ඇස් වලින් එයාගේ අත් අතර ඉන්න කෙනා පෙන්නුවාම තේහියොන් ඇස් පාත් කරලා බැලුවා..පුංචි කිරිකැටියෙක්..තොලුත් උල් කරගෙන එයා දිහා බලාගෙන ඉන්න විදිහ දැක්කම තේහියොන්ගේ ඇස්වලින් කදුලු වැටුනා..ඒ පුංචි දරුවා තේහියොන් දුටුව සැනින් සතුටින් හිනාවෙන්න පටන් ගත්තේ ඒ හිනා හඩ මුහුදු රළ එක්ක නැගෙන හඩට මුසු වෙලා මුලු මුහුදු තීරය පුරාම පැතිරිලා යද්දි...

" ම්-මැණික... "

වෙව්ලන අත් වලින් ඒ පුංචි කුමාරයව තමන්ගේ අත් අතරට අරගත්ත රෝසමල එයාව තමන්ගේ පපුවට තුරුළු කරගත්තේ හිත පුරාම විසිරුන මහ ගොඩක් ආදරය එක්ක..ඒ එක්කම එයාට දැනුනා ශක්තිමත් අත් දෙකක් ඇවිත් එයාගේ පිටුපසින් ඔහුගේ පපුවට තමන්ව තුරුළු කරගන්නවා කියලා.. තේහියොන් තමන්ගේ හිස ජන්කුක්ගේ උරහිසට හේත්තු කරලා සම්පූර්ණයෙන්ම ඔහුට වාරු වුනේ අතේ ඉන්න පුංචි සිඟිත්තා දිහා බලාගෙන හිනාවෙන ගමන්...

ᴛʜᴇ ʀᴏꜱᴇ ʜɪᴅᴅᴇɴ ɪɴ ᴛʜᴇ ᴅᴇᴠɪʟ'ꜱ ᴀʀᴍꜱ | 𝙑𝙆 | ✓✓Where stories live. Discover now