𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 54

4.8K 570 366
                                    

අඳුරු කාමරයක් තුලින් හැමුව ලේ ගඳ එයට ඇතුලු වන ඕනෑම කෙනෙකුගේ මනස අප්‍රසන්න හැගීමකින් පුරවා දමන්නට පුලුවන් වුනා.. දිනයක් පුරාවට කුණු වුනු මළ සිරුරු තුනක් ඒ කාමරය කෙලවරක ගොඩ ගසා තිබුනා.. පවු අසරණයින්ට මරණයෙන් පසුවත් සැනසීමක් නැති වූ පාටයි... තවමත් ජීවත් වන්නට හුස්ම අදින එකම එක මිනිසෙක් පමණක් ඒ කාමරයේ මැද පුටුවක් උඩ ගැට ගසා සිටියා..

ක්‍රීන්ක් ශබ්දයෙන් කාමරේ දිරාපත් වුනු දොර විවර වෙද්දි ඒ දොරෙන් ඇතුලට ගලා පැමිණි කහ පැහැති ආලෝක කදම්භය පුටුව මත තුවාල වි සිටි මිනිසාගේ ඇස්වලට පතති වුනා..

" ම්හ් ~ "

ලේ වලින් තෙත් වෙලා ගියා කොණ්ඩයට ඇස් වැහිලා ගිහින් තිබුනා.. ඔහු වැහෙන්නට පොරකන ඇස්පිහාටු අපහසුවෙන් විවර කරගන්න උත්සාහ දරන ගමන් ආලෝකය පැමිණෙන දොර දිහා බැලුවා... ඔහු දැක්කා යම් කිසි පුද්ගලයෙකුගේ හෙවනැල්ලක්... ඒ හෙවනැල්ල ටිකෙන් ටික ඒ අදුරු කාමරය දිහාවට ඇවිදගෙන ආවා..

" D-Devan..."

වේලිලා ගිය උගුර ඇතුලෙන් ඒ නම පිටතට මිමිණුමක් ලෙස පැඹිණෙද්දි තුවාල වී හෙම්බත්ව සිටි ඒ පුද්ගලයාගේ නලල දෙපසින් දාඩිය වැගිරෙන්නට පටන් ගත්තා..

" well ! well ! well ! "

ජන්කුක් වියරුවෙන් හිනවෙන ගමන් තමන් ඉදිරියේ තුවාල වෙලා සිටින පුද්ගලයා දිහා බලාගෙන හිටියා.. ජන්කුක්ගේ දෙපසින් හියුන්ජින් සහ යුන්ගි දෙන්නා හිටගෙන හිටියා.. ඔවුන්ගේ මුහුණ කියාත් මහලොකු වෙනසක් නැහැ ඒ මුහුණ තමන්ගේ ප්‍රධානියා තරම්ම රෞද්‍රයි..

" බොස්... "

හියුන්ජින් කාමරේ කෙලවරක තිබුණු ලී පුටුවක් ගෙනවිත් හිරකරු ඉදිරියෙන් තියලා ජන්කුක්ට ආචාර කලා.. කාමරේ වටේටම ඇස් යවන ගමන් ජන්කුක් ඇවිත් ඒ පුටුව උඩින් වාඩි වෙලා ඉතාම ආඩම්බරකාර ලෙස කකුලක් පිට කකුලක් දාගත්තා..

" උඹ දන්නවද වැඩක් ? " පුටු ඇන්දට වම්තේ වැලමිට බර කෙරුව ජන්කූක් අනිත් අතින් තම දණහිස අල්ලගත්තා..

" උඹ තව ටිකකින් මැරෙන්න යන්නේ.. "

කට කොනින් හිනාවෙලා කිව්ව ඔහු කකුල් නැවතත් බිම තියලා ඒ තුවාල පිරුණු මූණට එබුනා..

ᴛʜᴇ ʀᴏꜱᴇ ʜɪᴅᴅᴇɴ ɪɴ ᴛʜᴇ ᴅᴇᴠɪʟ'ꜱ ᴀʀᴍꜱ | 𝙑𝙆 | ✓✓Where stories live. Discover now