🍁...Wedding day...🍁
සතියක් ගෙවිලා ගියා ජෙනී ගෙයි ජන්කුක් ගෙයි විවාහය වෙන දවස අදයි...ඒ වගේම තේහියොන් ගේ ජීවිතේත් ලොකු වෙනසක් වෙන දවස.. ජන්කුක් ගේ Company එකේ අය වගේම එයාගේ යාලුවෝ ගොඩක් Wedding hall එකට රැස් වෙලා හිටියා...Mr.kim ගේ පවුලෙත් බොහෝ පිරිසක් විවාහයට ඇවිත් හිටියා.. ජන්කුක් හිටියේ ගොඩක් සතුටින්..
ඔහු ජෙනී එනතුරු මග බලාගෙන හිටියේ නොඉවසිල්ලෙන්...අනෙක් පැත්තෙන් හෝසොක් හිටියේ නියම වෙලාව එනකල්..තේහියොන් ජන්කුක් ගෙන් ගෙන් ගොඩක් ඈතට වෙලා ඔහු දිහා බලාගෙන හිටියා...තාමත් තේහියොන් ට බැරි උනා තමන්ගේ කදුළු පාලනය කරන්න...තමන් ආදරය කරන කෙනා වෙන කෙනෙක් ගේ වෙනවා බලන් ඉන්න පුලුවන් තරම් පරාර්ථකාමී හදවතක් ලෝකේ කාටවත් නෑ...ඒකයි ඇත්ත...
ඔහු ආව වෙලාවේ ඉදන් කලේ ජන්කුක් ට තමන්ව පේන්නේ නැති තැනකට වෙලා ජන්කුක් ගේ දිහා බලාගෙන හිටිය එක...අද ජන්කුක් ගේ මූණ එයාගේ ලස්සන බනී හිනාවෙන් පිරිලා ගිහින්..තේහියොන් ආසම දේ ඒ හිනාව.
ඒ නිසා ජන්කුක් ගෙන් ඇස් අහකට ගන්නේ නැතුව ඉන්න තරම් තේහියොන් ලෝභ උනා...ජන්කුක් දිහා බලාගෙන හිටිය තේහියොන් ලගට ආව හෝසොක් ඔහුගේ අතින් ඇදගෙන ජෙනී ගේ රෑම් එකට එක්කගෙන ගියා... එකපාරටම මේ මොකක්ද වෙන්නේ කියලා තේහියොන් ට හිතා ගන්න බැරි උනා... තේහියොන් ජෙනී ගේ රෑම් එකට යනකොට ජෙනී හිටියේ ලස්සන සුදු පාට wedding dress එකක් ඇදගෙන නම් නෙවෙයි..Scarf එකකින් මූණ වහගෙන හිටිය ජෙනී කලු පාට sunglass දෙකක් දාගෙන හිටියා..එකපාරටම තේහියොන් ටත් ඇයව ව අදුරගන්න බැරි උනා...
" Jennie !!! "
" Tae ඔයා මට උදව්වක් කරන්නවද...?? "
" Tae !! මේ අහන්න ඔයා අපිට මේ වෙලාවේ කරන්න පුළුවන් ලොකුම උදව්ව කරන්න කැමතිද...? "
" හියොන්ග්! ම-මං...? "
" Tae...."
ජෙනී තේහියොන් ව වැළද ගත්තා..
" Jen-nie ඔයා යනවාද ඇත්තටම...? අනේ !! "
YOU ARE READING
ᴛʜᴇ ʀᴏꜱᴇ ʜɪᴅᴅᴇɴ ɪɴ ᴛʜᴇ ᴅᴇᴠɪʟ'ꜱ ᴀʀᴍꜱ | 𝙑𝙆 | ✓✓
Fanfiction" ම්-මං ඔයා-ගේ ක්-කවුද ජ-න්කූ..." Taehyung තමන්ගේ නළල jungkook ගේ නළල මතින් තියලා තද කරද්දි jungkook Taehyung ගේ කම්මුල් දිගේ පහළට වැටෙන කදුළු කැට මහපට ඇඟිල්ලෙන් පිසදැම්මේ නැවත Taehyung ගේ හිස් මුදුනින් ආදරණීය හාදුවක්ද තබමින්... " ආයේ කවුරු හරි bab...