𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 44

4.9K 553 702
                                    

- After two days -

පස්වරු පහ පසු වී විනාඩි කිහිපයක් ගත වන්නට තිබියදී Devan Guk ගේ විශාල මන්දිරය ඉදිරියේ Lamborghini වර්ගයේ කලු පැහැති රථයක් සහ එය හැදි කරගත් කලු පැහැති ජීප් රථ කිහිපයක් නැවැත්වුවා...

Lamborghini රථයෙන් පිටතට පැමිණි ජන්කුක් ඔහු ඇඳ සිටි ඩාක් ග්‍රේ කලර් කෝට් එකේ මැද බොත්තම සකසා ගන්න ගමන් මන්දිරය ඇතුලට ගමන් ගනිද්දි ඔහුගේ ප්‍රධාන ආරක්ෂක Hyunjin සහ අනෙක් ආරක්ෂකයින් ඔහු පසු පසින් ඇවිදන් ආවා..

එක අතක් සාක්කුව අස්සේ වෙනදා මෙන්ම පුරුද්දට හංගගෙන Jungkook ඇවිද්දේ වෙනාදට වඩා ආඩම්බරයකින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එක අතක් සාක්කුව අස්සේ වෙනදා මෙන්ම පුරුද්දට හංගගෙන Jungkook ඇවිද්දේ වෙනාදට වඩා ආඩම්බරයකින්.. ඒකට ගැලපෙන්නම ඒ මුව අග මතු වී තිබුන සමච්චලයක් බදු හිනාව ඉතා භයානක එකක් වුනා.. නමුත් එයට හේතුව දන්නේ ඔහුම තමයි...

" Hyunjin ! "

කොරිඩෝව දිගේ මන්දිරයේ එක පැත්තක ගමන් ගන්නා Jungkook ඔහු පිටුපසින් සිටින Hyunjin ට කතා කලා..

" බොස් ? "

" ඩෙඩ් බොඩි එක උඹ ක්ලියර් කලා නේද ? "

Jungkook ගේ ගමනට ඔවුන්ගේ මේ කතාව බාධාවක් වුණේ නැහැ ඔවුන් දිගටම කොරිඩෝව දිගේ ඇවිදගෙන ගියා.. කොරිඩෝවේ දකුණු පැත්ත සම්පූර්ණයෙන්ම විශාල වීදුරු ජනේල වලින් සමන්විත වී තිබුණේ ඉන් පිටත මන්දිරයේ උද්‍යානය පෙනෙන ලෙසට..

" ඔව් බොස් ඒ වැඩේ මම එවෙලම ඉවර කළා.. "

" හ්ම්ම්.. ගුඩ් ! "

කතා බහ අතරින්ම Jungkook ගේ ඇස් හා ගැටුනේ ජනෙල් වලින් එහා පැත්තේ පෙනෙන එක දර්ශනයකට..

උද්‍යානයේ මධ්‍යයේ තිබුන මේසයක් වටා තබා තිබුන පුටුවක වාඩි වී සංසුන්ව පොතක් කියවන Taehyung දුටුව සැණින් Devan Guk ඉබේම Jungkook බවට පත් වුනා.. මෙතරම් වෙලා ඉලක්කය පසු පස පිස්සුවෙන් වගේ පන්නන ඔහුගේ මනස පවා Taehyung ව දුටුව සැණින් සංසුන් වුනා...

ᴛʜᴇ ʀᴏꜱᴇ ʜɪᴅᴅᴇɴ ɪɴ ᴛʜᴇ ᴅᴇᴠɪʟ'ꜱ ᴀʀᴍꜱ | 𝙑𝙆 | ✓✓Where stories live. Discover now