( 7 )
" ඔප්පා!! ටේ ෆෝන් එක answer කරන්නේ නෑනේ..."
" What...?? මෙච්චර කෝල් කරලත්...? "
" හොබී මට බයයි!! ටේට මොකක් හරි-"
" නෑ නෑ Princess ඔයා බය වෙන්න එපා ටේට මුකුත් වෙන්නේ නැතුව ඇති...ආයෙත් කෝල් කරන්න..."
ජෙනී හෝසොක් Airport එකට ටිකක් මෙහායින් බයික් එක නතර කරලා මදක් නතර උනා...ජෙනී වගේම හොබීත් කොරියාව අතහැරලා දාලා ඇමෙරිකාවට යන්න තීරණය කලේ ජෙනීගේ අප්පාගෙන කරදරවෙයි කියලා හිතුන නිසයි...ජෙනී එයාගේ අප්පා ගැන හොදටම දැනගෙන හිටියා...
ඒත් ජෙනී ඒ ගැන තේහියුන්ට කිව්වේ නැත්තේ තේහියුන් ඒ දේ කරන්න දැනගත්තොත් එයාගේ අප්පාගෙන් ටේට කරදර වෙයි කියලයි...
මගදි තමන්ගේ ෆෝන් එකේ සිම් එක ජෙනී වෙනස් කරගෙන රෝස් ගෙයි තේහියුන්ගෙයි නම්බර් දෙක විතරක් තියා ගත්තා...සිය වතාවකට වඩා තේහියුන්ගේ නම්බර් එක ඩයල් කරලම ජෙනීට මහන්සි...flight එකට තිබුණ වෙලාව ගොඩක් අඩු නිසා ජෙනී තේහියුන්ට කතා කරන්න දරන උත්සාහය අත්හැරියා...
" අපි යමු ඔප්පා!! අපි එහෙට ගිහින් කතා කරමු..."
ජෙනී දුරකථනය ක්‍රියාවිරහිත කරමින් පැවසූවා...
" දුක් වෙන්න එපා තේහියුන් හොදින් ඇති..."
" හ්ම්ම්...."
ජෙනී ලොකු හුස්මක් පිට කරමින් ප්‍රාර්ථනා කළා තේහියුන්ට කිසිම කරදරයක් නොවී තියෙන්න කියලා...
.
.
.
.
.
." ඔම්මා.........................."
තමන්ගේ පිටුපසින් ඇසුන තමන්ගේ පුතුගේ මෘදු කටහඩත් එක්කම සේහි ඇයගේ කාමරේ දොර දිහාවට ඇස් යොමු කලා...
" ඔම්මා.....මාත් එක්ක තරහින්ද.......?? "
කාමරේ ඇතලට ඇතුල් වෙමින් ජන්කුක් සේහිගෙන් විමසුවා...
ජන්කුක් සේහිගේ රෝද පුටුව ඇද අසලට ගෙන ගොස් එය නතර කර සේහිව ඔහුගේ අත අතරට ගෙන ඇද මිතින් තබා ඇයව ඇදේ හෙඩ් බෝඩ් එකට හේත්තු කලා...
" මට සමාවෙන්න ඔම්මා!! "
ජන්කුක් ඇදේ හාන්සි වෙලා සේහිගේ උකූගුලෙන් හිස තබාගනිමින් දුක්මුසු හඩින් කිව්වේ සේහිගේ ඇස් කදුලින් පුරවන ගමන්...
YOU ARE READING
ᴛʜᴇ ʀᴏꜱᴇ ʜɪᴅᴅᴇɴ ɪɴ ᴛʜᴇ ᴅᴇᴠɪʟ'ꜱ ᴀʀᴍꜱ | 𝙑𝙆 | ✓✓
Fanfiction" ම්-මං ඔයා-ගේ ක්-කවුද ජ-න්කූ..." Taehyung තමන්ගේ නළල jungkook ගේ නළල මතින් තියලා තද කරද්දි jungkook Taehyung ගේ කම්මුල් දිගේ පහළට වැටෙන කදුළු කැට මහපට ඇඟිල්ලෙන් පිසදැම්මේ නැවත Taehyung ගේ හිස් මුදුනින් ආදරණීය හාදුවක්ද තබමින්... " ආයේ කවුරු හරි bab...