කෙමෙන් කෙමෙන් ජියොන් මැන්ශන් එකට තවත් රැයක් උදා විය...ජන්කුක් තමන්ගේ රෝස මලට තුරුළු වෙලා තද නින්දක ඉද්දි තේහියොන් හිටියේ බර කල්පනාවක...තේහියොන් ගේ එක අතක් ජන්කුක්ගේ ඉනවටේ එතිලා තියෙද්දි තේහියොන් අනික් අත ජන්කුක්ගේ බෙල්ල යටින් යනවලා ඔහුගේ හිස කෙස් අතරින් තමන්ගේ අතැගිලි ගෙන ගියා...
ජන්කුක්ගේ අත් දෙකම එතිලා තිබුනේ තේහියොන් ගේ ඉන වටෙයි...ලොකු හුස්මක් පහතට හෙලුව තේහියොන් තමන්ගේ පපුවට තුරුළු වෙලා ඉන්න ඩෙවිල් ගේ මූණ දිහා බැලුවා...පොඩි දරුවෙක් වගේ කටත් උල් කරගෙන නිදාගෙන ඉන්න ඩෙවිල්ව දැක්කාම තේහියොන් ගේ මූණේ පුංචි හිනාවක් ඇදුනා...
තේහියොන් ටිකක් වෙලා ජන්කුක් දිහා එකදිගටම බලන් ඉදලා තමන්ගේ ඉනවටේ තිබුන ජන්කුක්ගේ දෑත් හිමින් අයින් කලා...ජන්කුක්ට ඩුවට් එක පොරවලා ඇදෙන් නැගිට්ට තේහියොන් කාමරේ දොරත් හිමීට වහලා කෙලින්ම ගියේ kitchen එකට...මුලු මැන්ශන් එකම ගන අඳුරේ ගිලිලා තිබුණ නිසා එයින් තේහියොන් ගේ හිතට ගෙනාවේ මහ මූසල හැගීමක්...
පඩිපෙල බැහැගෙන පහලට ගිය තේහියොන් lights On කරන ගමන් kitchen එකට ගියා...හොද හුස්මක් ඉහලට ඇද්ද තේහියොන් කෑම හදන්න පටන් ගත්තේ මහම මහ කම්මැලි කමකින්...තේහියොන් ගේ මේ කම්මැලි කමට හේතුව සෙලේනා...
මේ වෙලාවේ සෙලේනා මෙතන හිටියා නම් තේහියොන් ට හිනා ගිහිල්ලම මැරෙනවා...මොකද සෙලේනා හැමතිස්සෙම කියන පොඩි පොඩි කතාවටත් තේහියොන් ට හොදටම හිනා යන නිසා...ඉතින් තේහියොන් ගේ හිතේ සෙලේනා ගිය එක ගැන පොඩි දුකක් ඇති උනා...
" Baby~ "
තේහියොන් ගේ ඉනවටේ ඒ ශක්තිමත් අත් දෙක එතෙද්දි තේහියොන් මේ ලෝකේ සිහියට ආවේ...නිදිමත පිරුණ මළානික කටහඩින් තේහියොන්ව ඇමතුව ජන්කුක් තේහියොන්ගේ උරහිස මතින් හාදුවක් තබමින් ඒ මතින් නිකට තබා ගත්තා...ඒ ඇස් තාමත් පියවිලා තිබුනේ ජන්කුක් හිටියේ අඩ නින්දේ නිසයි...
" Baby ~ "
තේහියොන් ගෙන් කිසිම පිලිතුරක් නැති තැන ජන්කුක් ආයෙත් නින්දෙන්ම කතා කලා...
" හ්ම්ම්ම්..."
තේහියොන් මිමිණුවාම ජන්කුක් තේහියොන් ගේ ඉන වටේ තිබුණ අත් අයින් කරලා තේහියොන් ගෙන් ඈත් උනා...සින්ක් එක තුලට නැඹුරු උන ජන්කුක් තමන්ගේ නිදිබර මුහුණට වතුර ටිකක් ඉහ ගත්තේ නිදිමත ගතිය ඒකෙන් මගහැරෙන නිසයි...ආයෙත් තේහියොන් පැත්තට හැරුන ජන්කුක් තේහියොන්ගේ පිටිපස්සට ගිහින් තේහියොන්ව බැක්හග් කලා...
YOU ARE READING
ᴛʜᴇ ʀᴏꜱᴇ ʜɪᴅᴅᴇɴ ɪɴ ᴛʜᴇ ᴅᴇᴠɪʟ'ꜱ ᴀʀᴍꜱ | 𝙑𝙆 | ✓✓
Fanfiction" ම්-මං ඔයා-ගේ ක්-කවුද ජ-න්කූ..." Taehyung තමන්ගේ නළල jungkook ගේ නළල මතින් තියලා තද කරද්දි jungkook Taehyung ගේ කම්මුල් දිගේ පහළට වැටෙන කදුළු කැට මහපට ඇඟිල්ලෙන් පිසදැම්මේ නැවත Taehyung ගේ හිස් මුදුනින් ආදරණීය හාදුවක්ද තබමින්... " ආයේ කවුරු හරි bab...