𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 35

5.1K 601 250
                                    

... After 3 Months...

" Bear ! Bear ! "

" නූනා ! "

" පැටියෝ මේ Eun-woo කියලා කෙනෙක් ඇවිත් ඔයාව හම්බවෙන්න ! "

" ආ පොඩ්ඩක් ඉන්න ! "

උඩුකය නිරුවත්ව ඇදේ වැතිරී පොතක් කියවමින් සිටි තේහියොන් ගේ අවධානය ගිලිහුනේ රෝස් ගේ හඩත් සමගයි..ඉක්මනින් උඩුකය වැසෙන්නට ටී-ශර්ට් එකක් ඇගට දාගත්ත තේහියොන් කාමරෙන් පිටතට පැමිණියේ තමන්ගේ මිතුරා ගේ හදිස්සි පැමිණීම කුමකටද යන්න සිතමින්..තේහියොන් යනවිට එවුන් වූ නිවසේ දොර අසලට වී ඔහු එන තුරු බලාගෙන හිටියා..තේහියොන් ව දුටු එවුන් වූ සුහද සිනහක් ඔහුට සංග්‍රහ කරද්දි තේහියොනුත් ලාවට මෙන් සිනා සී ඔහු අසලට ගියා..

" Good morning ! ඇතුලට එන්න ! "

" Good morning ! නෑ බං ඕනි නෑ මට පරක්කු වෙනවා..මට ඊයේ දුන්න නෝට් ටික දීපන් කෝ..lecturers ගොඩක් මිස් උනා බං.."

" ඔහ් හරි ඉන්න..."

නිවස තුලට ගිය තේහියොන් එවුන් වූ ට අවශ්‍ය කරන පොත් ටිකත් රැගෙන නැවත පැමිණ ඔහු අතට පොත් ටික බලා දුන්නා..

" අනේ Thanks Bro ! මං ඉක්මනට මේ ටික උඹට ගෙනත් දෙන්නම්.."

පොත් ටික දිහා බලමින් සිනා මුසු මුහුණින් පැවසූ එවුන් වූ තේහියොන්ට ඇහැක් ඉගි කලා....

" ආ හරි ඒක අවුලක් නෑ ! "

හුරතල් විදියට තමන්ගේ Boxy smile එකෙන් තේහියොන් පවසද්දි ඔහුට සමුදුන් එවුන් වූ එතනින් යන්න ගියා..එවුන් වූ ආවේ ඇත්තටම නෝට් ඉල්ල ගන්න නෙවෙයි ඔහු උදේන්ම ආවේ තේහියොන් ව හම්බවෙන මාර්ගයෙන් ඔහුගේ එකම ඒක පාර්ශ්වික ආදරේ උන in-Youp ව දැක ගැනීමටයි..ඒ බව තේහියොන් හොදටම දන්නවා..දැන් එවුන් වූ රැගෙන ගිය පොත් ටිකත් තේහියොන් ගේ නෙවෙයි..ඒවා ඔහුගේම පොත්..ලොකු සුසුමක් හෙලූ තේහියොන් එවුන් වූ යන දෙස බලා සිනා සී දොර වසා දමා කුස්සිය පැත්තට ගියේ රෝස් ව හමුවෙන්න..තේහියොන් යද්දිත් රෝස් හිටියේ උදෑසන ආහාර වේල සූදානම් කරමින්..

" අද uni යන්නේ නැද්ද ඔයා ? "

රෝස් අහද්දි තේහියොන් කිචන් කවුන්ටර් එක මතින් ඉද ගනිමින්ම හිස දෙපසට වැනුවා..

ᴛʜᴇ ʀᴏꜱᴇ ʜɪᴅᴅᴇɴ ɪɴ ᴛʜᴇ ᴅᴇᴠɪʟ'ꜱ ᴀʀᴍꜱ | 𝙑𝙆 | ✓✓Where stories live. Discover now