𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 29

5.4K 620 237
                                    

24 years Before

" ගුක් අනේ ඇති අප්පා... "

සේහී කන් කෙදිරි ගාන්න පටන් ගත්තේ කටේ කෑම පුරවාගෙන... ඒත් ඉතින් හියුන්ගුක් ඒ දේවල් ගානක් ගන්නා නැතුවම සේහීගේ කටට තව කෑම පිරුණු හැන්දක් එබුවා..

" මගේ කොල්ලා හොඳ ශක්තිමත් කෙනෙක් වෙන්න ඕන චෙරී.... ඒ නිසා කට පියාගෙන මේ සේරම ටික කන්න !!! "

ඇහිබැමි එකට යා කරගෙන සේහීට ඔරවපු හියුන්ගුක් ඒ තොල් අග ගෑ වුන සෝස් බින්දුව තමන්ගේ ඇගිලි තුඩු වලින් පිස දැමුවා...

" අපේ පැටියා කොල්ලෙක් කියලා දැනගත්තේ දවසේ ඉදලා ඔයා මට සැර කරනවා වැඩි.. හුම් හරි නරකයි... "

සේහී දුකින් තොල් ඉදිරියට දිගු කරමින් පවසද්දී හියුන්ගුක් හිනාවෙලා ඒ තොල් මතින් පුංචි පෙක් එක්ක තිබ්බා.. දෙන්නම එකට හිනාවෙවී ඉද්දී එකපාරටම සේහීගේ මූණ වෙනස් වුනා..

" ආහ්හ්... ගුක්!!! "

ප්ලේට් එක තියන්න කියලා පුටුවෙන් නැගිට්ට හියුන්ගුක්ගේ අතේ එල්ලුන සේහී තමන්ගේ එක අතකින් ඉදිරියට නෙරා ආ තමන්ගේ කුස තදින් අල්ලාගෙන කෑ ගහන්නට පටන් ගත්තා...

" ස්-සේහී?? ඇයි මැණික ?? "

සේහී ඉදිරියේ දණගහගත් හියුන්ගුක් ඇගේ කුස මතින් අතක් තියාගෙන කතා කලේ කණස්සල්ලෙන්. වෙනදාට ඇය මෙලෙසම වේදනාවෙන් අඩන නිසා හියුන්ගුක් හිතුවේ ඒක Normal Kick එකක් කියලා ඒත්...

" ගූක් වතුර !!! ආආආආ water bag එක !!!! "

සේහී තමන්ගේ තෙත් වෙමින් ඇති ගවුම අල්ලාගෙන කෑ ගැහුවා...

" තේජූන්!!!!! ඉක්මනට වාහනයක් රෙඩි කරපන් !!! "

හියුන්ගුක් සේහීව තමන්ගේ අත් අතරට අරගන්න ගමන් කෑ ගහද්දී මිස්ටර් කිම් එසේත් නැතිනම් නම්ජුන්ගේ අප්පා තේජූන් අතේ තිබුන තුවක්කුව ඉනේ රදවාගන්න ගමන් ඔවුන් අසලට දුවගෙන ආවා..

" ඩෙවන් ඇයි මොකද මේ ?? නූනා ඔයා හොදින් ද ?? "

තේජූන් සේහීගේ හිස පිරිමැද අසද්දී හියුන්ගුක් සේහීවත් ඔසවාගෙන මැන්ශන් එකෙන් පිටතට පැමිණියා..

ᴛʜᴇ ʀᴏꜱᴇ ʜɪᴅᴅᴇɴ ɪɴ ᴛʜᴇ ᴅᴇᴠɪʟ'ꜱ ᴀʀᴍꜱ | 𝙑𝙆 | ✓✓Where stories live. Discover now