𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 45

6K 561 439
                                    

Taehyung දොර අගුල කරවාගෙන කාමරය තුලට ගොස් එහි දොර හයියෙන් වසා දැමුවා... සම්පූර්ණයෙන්ම අදුරේ ගිලී තිබුන කාමරයේ මැද තිබුන විශාල මේසයක් උඩ පුංචි table lamp එකක සුදු පැහැ මලානික එලියක් ඒ මේසයේ යම් කොටසක් පමණක් ආලෝක කරන්නට සමත් වුනා..

" මොකක්ද අනේ මේ කාමරේ ? "

හැමතැනම කලුවර තිබුන කාමරේ පුරාම ඇස් යවමින් taehyung හෙමින් මිමිණුවා.. ඇතුලේ ඉන්නවා කියපු Jungkook නම් ඒ කිසිම තැනක ඔහුට දකින්නට ලැබුනේ නෑ..

" කෝ අනේ ස්විච් එකක් නැද්ද මේකට ?? "

දොර පැත්තක තිබුන බිත්තියක් අල්ල අල්ල taehyung හෙව්වේ ස්විච් එකක්.. ඒ එක්කම ඔහු ස්විච් එකෙන් කාමරේ නිවී ගිය විදුලි බල්බ දල්වද්දි කහපාට ආලෝකයක් පැමිණි මුලු කාමරයම ආලෝකමත් කලා..

" ඔය තියෙන්--- ආ !!!! "

ආඩම්බරව හිනාවෙන ගමන් කාමරේ පැත්තට හැරුන taehyung එක්වරම කෑ ගැහුවේ තමන්ගෙ ඉස්සරහ තමන්ට ලං වී ඉන්න Jungkook ව දුටුව නිසා... ඔවුන් අතරේ තිබුනේ සෙන්ටිමීටරයක් පමණ ඉතාම කෙටි දුරස් බවක්...

" මට දැනගන්න පුලුවන් ද Baby තමුන් මොකද මෙතන කරන්නේ කියලා ? "

Taehyung ගේ උරහිසක් උඩින් බිත්තියට එක අතක් තියා ගත් Jungkook ඔහුගේ අනෙක් අත taehyung ගේ සිහින් ඉනවටේ යැව්වා.. ඒ ඇස් හැගීම් විරහිත වෙලා..සංසුන්ව කතා කලත් taehyung ට තේරුනා ඩෙවිල් ඉන්නේ තරහින්...

" ක්-කූ.. ම්-මේ මං-මං.. "

කෙල ගිලිමින් යටිතොල තෙත් කල පුංචි රෝසමල බිම බලාගත්තේ හොරෙන් හොරෙන් එයාගේ ඩෙවිල් දිහා බලන ගමන්..

" ඔව් තමුන්... ඉතින් ? "

Taehyung ගේ ඉනවටේ තියෙන අතික් ඒ ඉන තද කරලා අල්ලගත්ත jungkook දත් එකට තද කරගෙන කතා කලේ ඒ බයෙන් පිරුණු මූණට නැඹුරු වෙලා.. taehyung ගේ අත් ඉබේම jungkook ඇදගෙන හිටිය කමිසය අල්ලගත්තා.. වැඩ්ඩා වගේ ආවට දැන්නම් කොල්ලා ඉන්නේ හොදටම බයවෙලා..

Jungkook හිටියෙත් හොදටම කලබල වෙලා පිටතින් ඒ දේ නොපෙන්නුවාට ඔහුගේ හදවත පවා කලබලකාරී වී තිබුනා.. ඒ නිසාම එයා taehyung ගේ මුණ කවර් කරගෙන හිටියා.. හරියට කාමරේ පේන්නේ නැති වෙන්නට වගේ..

ᴛʜᴇ ʀᴏꜱᴇ ʜɪᴅᴅᴇɴ ɪɴ ᴛʜᴇ ᴅᴇᴠɪʟ'ꜱ ᴀʀᴍꜱ | 𝙑𝙆 | ✓✓Where stories live. Discover now