𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 28

5.7K 627 214
                                    

" තේහියොන් ! "

පඩිපෙළ බහින ගමන් හිටිය තේහියොන් ගැස්සිලා ගියේ කවුච් එක උඩ වාඩි වෙලා හිටි ජින් තමන්ගේ නම කියලා කතා කල නිසයි...ජින් ගේ එහා පසින් වාඩි වෙලා හිටිය මිසිස් ජියොන් හා නම්ජූන් ජින් ගේ හඩත් එක්ක පඩිපෙළ දිහාවට ඇස් යොමු කලා...බල බල හිටිය magazine එක පැත්තකින් තිබ්බ ජින් තමන් ලගට එන්න කියලා තේහියොන් ට අතින් සන් කලාම තේහියොන් ඔවුන් අසලට ලං උනේ උදේ පාන්දර මොන වගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න බදින්න වෙයිද කියලා හිතමින්...

" වාඩි වෙන්න ! "

" හ්ම්....."

තේහියොන් ගේ අතින් අල්ල ගත්ත ජින් තේහියොන් ව තමන් ලගින් වාඩි කරව ගත්තා...

" ජන්කුක් ලෑස්ති වෙනවද තාමත්...?? "

නම්ජූන් බිම බලාගෙන නිහඩව ඉන්න තේහියොන් ගෙන් ප්‍රශ්න කලා...

" ඔ-ඔව් එයා ලෑස්ති වෙනවා..."

" යකෝ මූ නිකං මගුල් ගෙදරක යන්න වගේනේ ලෑස්ති වෙන්නේ මං විනාඩි දහයෙන් ලෑස්ති උනා....."

" ඒ ඉතින් එයා බාගෙට wash දාපු නිසා...."

ජින් කිව්වෙ තේහියොන් ගේ කනට ලං වෙලා උනත් ඒක නම්ජූන්ට හොදටම ඇහුනා...ජින් කිව්ව කතාවට තේහියොන් වගේම සේහි ත් ලාවට හිනා උනාම නම්ජූන් ඔලුව දෙපැත්තට වනලා කට ඇද කරලා ජින් ට ඔරවලා ආයෙත් තමන් බල බල හිටිය පුවත් පතට අවධානය යොමු කලා...

" හියොන්ග් යමු !! "

එක්වරම පඩිපෙළ උඩ ඉදන් කෑ ගැහුව ජන්කුක් නිසා පුවත් පතට සම වැදිලා හිටිය නම්ජූන් පඩිපෙළ දිහාවට ඔලුව හැරෙව්වා...

" යාහ් උඹට ලෑස්ති වෙන්න යන වෙලාවක්....."

පඩිපෙළ බැහැගෙන ආව ජන්කුක් නම්ජූන් ගේ කතාවට හිනා උනා...

" එහෙම තමයි ලස්සනට ඉන්න එපැයි..."

" කොච්චර ලස්සන උනත් උපන් කැත යවන්න බෑ උඹේ..."

" කර්ක් පුහ්!! "

නම්ජූන් කිව්ව කතාවට තේහියොන් ගෙත් ජින් ගෙත් කටින් පනින්න ගිය සමච්චල් සහගත හිනාව ඔවුන් නවත්ත ගත්තේ බොහොම අමාරුවෙන්...

ᴛʜᴇ ʀᴏꜱᴇ ʜɪᴅᴅᴇɴ ɪɴ ᴛʜᴇ ᴅᴇᴠɪʟ'ꜱ ᴀʀᴍꜱ | 𝙑𝙆 | ✓✓Where stories live. Discover now