𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 12

4.8K 582 128
                                    

බාගෙට වැසී තිබුන ජනෙල් තිරරෙදි වලින් කාමරය ඇතුලට ආව හිරු කිරණ තේහියුන්ගේ මූණට වැටෙද්දි තේහියුන් හිමින් හිමින් දෑස් විවර කලේ එත් සමගම තමන්ගේ සිරුරෙන් දැනෙන අමිහිරි වේදනාව නිසා ඔහුගේ දෑස් අග කදුලින් තෙත් කරමිනි...මුලු කාමරය පුරාම ඇස් යැව්ව තේහියුන්ට ගෙව්න රාත්‍රීයේ උන හැමදේම එක පෙලට මතක් වෙන්නට ගත්තා...තේහියුන්ගේ කටින් පිට වෙන පුංචි පුංචි ඉකි බිඳීමේ හඩ මුලු කාමරයම පුරාම ගා ගියා...ජන්කුක්ගේ අතින් මේ විදියට තමන්ගේ ජීවිතේ විනාශ වෙයි කියලා තේහියුන් කවදාවත් හිතන්නේ නැතුව ඇති...තේහියුන් ගේ හිතේ ජන්කුක් ගැන තියෙන්නේ හරි පිරිසිදු ආදරයක්...ජන්කුක් කිව්ව හැම වචනයක් නිසාම තේහියුන්ට තේහියුන්වම අප්පිරියා උනා...

දෑත් ගැට ගසා තිබූ නිසා තේහියුන් හිමීට ඇදේ පිටිපස්සට වෙලා අතේ දෙක ලිහා ගන්න උත්සාහ කලා...එත් ඒ දේ හිතන තරම් ලේසි උනේ නෑ තේහියුන්ගේ අත් හීරිලා ලේ එනකල්ම තේහියුන්ට දෑත් ලෙහා ගැනීමට නොහැකි උනා...කොහොම හරි අත් දෙක ගැට ගහලා තිබුණ පටිය බුරුල් කරගත්ත තේහියුන් හිමීට අත් ගලවගත්තා...

ආයෙත් මහන්සියටම තේහියුන් ඇදේ හාන්සි උනා...යටි කයෙන් දැනෙන නුපුරුදු අමිහිරි වේදනාව නිසා තේහියොන්ගේ කදුළු කැට තව තවත් අලුත් උනා...අමාරුවෙන් අමාරුවෙන් ඇදේ කෙලින් වෙලා තේහියුන් බ්ලැන්කට් එක ඔහුගේ ඇග එක ඔතාගත්තේ වොශ් රූම් එකට යන්න තිබුණ දැඩි උවමනාව නිසයි...කකුල් දෙකට වාරු දීලා නැගිටින්න හැදුවත් තේහියුන් එහෙම්මම බිම ඇදගෙන වැටුණා...

අත් දෙක තිය තියා ඉස්සරහට ඇදෙමින් තේහියුන් වොශ් රූම් එකට ගියේ දැනෙන වේදනාව තොල හපාගනිමින් දරාගෙනයි...බාත් ටබ් එකට වතුර පුරවලා තේහියුන් බ්ලැන්කට් එක ඇගෙන් ඉවත් කරලා පැයක් පමණ කාලයක් හොදින් පිරිසිදු උනත් තේහියුන්ට දැනුනේ තමන්ගේ මුලු ඇග අපිරිසිදු කුණු ගොඩක් වගෙයි...සීතල වතුර නිසා තේහියුන්ගේ සිරුරේ ජන්කුක් ඇති කල තුවාල වලින් ලොකු වේදනාවක් දැනුනා...

බිත්ති වලට වාරු වෙවී වොශ් රූම් එකෙන් එලියට ඇවිත් තේහියුන් ක්ලොසට් එකෙන් සැහැල්ලු ඇදුමක් අරන් ඇද ගත්තා... අපිරිසිදු වෙලා තිබුන ඩුවට් එක අයින් කරලා අලුත් ඩුවට් එකක් ඇදට එලලා ඇදෙන් හාන්සි වුනා...ඔලුව පුපුරන්න වගේ වේදනාවක් එක්ක ඇස් වලින් ගිනි පිට වෙනවා වගේ දැවිල්ලක් තේහියුන්ට දැනුනා...තොල කට වේලිලා ගිහින් උගුරෙන් අමුතු ලේ රසක් තේහියුන්ට දැනුනත් පිපාසයට වතුර ටිකක් බොන්නවත් තේහියුන්ට නැගිටින්න පණක් තිබුනේ නෑ...

ᴛʜᴇ ʀᴏꜱᴇ ʜɪᴅᴅᴇɴ ɪɴ ᴛʜᴇ ᴅᴇᴠɪʟ'ꜱ ᴀʀᴍꜱ | 𝙑𝙆 | ✓✓Where stories live. Discover now