𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 46

4.7K 547 500
                                    

" baby ~ "

තමන්ගේ පපුවට ගුලි ගැහිලා ඉකි බිඳින තේහියොන් ගේ හිස පිරිමදින ගමන් ජන්කුක් කතා කලාම රෝසමල අඩලා අඩලාම ඉදිමුණු ඇස් වලින් එයාගේ ඩෙවිල් දිහා බැලුවා..

" අඩන්න එපා ඒක ඉවරයි නේ ම්ම් ~ "

ජන්කුක් තේහියොන් ගේ හිස් මුදුනින් හාදුවක් තියමින් කිව්වා.. ජන්කුක්ගේ ඉනවටේ කකුල් පටලව ගත්ත තේහියොන් තව ටිකක් ඒ පපුවට තුරුල් වෙලා ජන්කුක්ගේ උරහිස උඩින් නිකට තියාගත්තා..

මිස්ටර් කිම් කිව්ව දේත් එක්ක තේහියොන් ගේ හිත ගොඩක් රිදිලා තිබුණේ..කවදාවත් එයාට ජන්කුක්ට එයාගේම දරුවෙක් දෙන්න බෑ කියලා මතක් වෙද්දි ඒ හිත තව තවත් පෑරුනා..ඊටත් වඩා මිස්ටර් කිව් කිව්ව අවාසනාවකට වගේ කියන වචනේ ඒ පුංචි හිත කෑලි දාහකට කඩලා දාන්න සමත් උනා..මිස්ටර් කිම් කිව්ව ඒ ජන්කුක්ගේ අවාසනාව තමන් කියලා තේහියොන්ට හොදින්ම තේරුණා..
තේහියොන් හිතින් තමන්ටම දොස් පවර ගත්තා එයාට ජන්කුක්ගෙම ලේ වලින් පුංචි පැටියෙක් දෙන්න බැරි වෙන එකට..

" ක්-කුකී ~ "

තේහියොන් ආයෙත් කලින්ටත් වඩා ඉකි ගගහ අඩන්න ගද්දි ජන්කුක්ට ඒ වෙලාවේ මිස්ටර් කිම් එක්ක තිබුණ තරහා දෙගුණ තෙගුණ උනා..කලු ගලක් වගේ තද ඒ හිතත් ලොකු දුකකින් මිරිකෙන්න පටන් ගත්තෙත් ඒ නිසාමයි..

" මැණික දැන් ඇති !! "

ජන්කුක් ඒ මූණ තමන්ගේ අත් අතරට මැදි කරගෙන ඒ හුරතල් මූණ පුරාම පුංචි පුංචි හාදු තියමින් පුලුවන් තරම් තේහියොන්ව සනසන්න උත්සාහ කලා..

" කුකී I'm sorry ! "

" ඒ මොකටද ?? "

" ස්-සම්චොන් කිව්වා හරි කුකී මට-- "

" Baby ~ මං කිව්වා නේ මට අපේම කියලා දරුවෙක් ඕන නෑ ! තේරුණාද ?? මට ඊට වඩා තමුසෙව වටිනවා ! අනික් එක මට මොකටද වෙන බබාලා ම්ම් !? මට ඉන්නේ මේ බබෙක් වගේ පුංචි රෝසමලක් ~ "

ජන්කුක් තේහියොන්ගේ වෙව්ලන චෙරි පාට තොල් පෙති මතින් මෘදු හාදුවක් තියමින් කිව්වා..ජන්කුක් කිව්ව දේට තේහියොන් ගේ මුවේ පුංචි හිනාවක් ඇඳෙද්දි පුංචි රෝසමල නැවත ඩෙවිල්ගේ උණුහුමට තුරුළු වෙලා දෑස් පියාගත්තා..

ᴛʜᴇ ʀᴏꜱᴇ ʜɪᴅᴅᴇɴ ɪɴ ᴛʜᴇ ᴅᴇᴠɪʟ'ꜱ ᴀʀᴍꜱ | 𝙑𝙆 | ✓✓Where stories live. Discover now