𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 41

5.1K 541 202
                                    

තේහියොන් ජන්කුක් එක්ක එයාලා මීට මාස කිහිපයකට කලින් හිටිය jeon mansion එකට ලඟා වෙද්දි රාත්‍රී දහයත් පහු වෙලා තිබුණා..ඈත තියාම විදුලි පහන් ආලෝක වලින් එලිය වෙලා තියෙන jeon mansion එක දැක්කාම තේහියොන් ගේ මූණට පුංචි හිනාවක් ආවා..විශාල වැස්සකට මුල පුරමින් පටන් අරන් තිබ්බ පොද වැස්ස නිසා ජන්කුක් bike එක තව තවත් වේගයෙන් ඉදිරියට අරන් ගියා..

අහස උසට නැගී තිබෙන විශාල ගේට්ටු පලු දෙක mansion එකේ ආරක්ෂාවට දාලා හිටිය security කෙනෙක් විසින් විවිර කරද්දි ජන්කුක්ගේ bike එක වේගයෙන් mansion එක තුලට ඇදී ගියා.. garden එක අලංකාර කරන්නට සදා තිබූ වතුර මල අසලින් bike එක නැවැත්තුව ජන්කුක් තේහියොන්ට bike එකෙන්  බහින්න කියලා අතින් සන් කලා..

" Baby ඔයා ඇතුලට යන්න මං මේක garage එකෙන් park කරලා එන්නම්.."

Bike එක රේස් කරන ගමන් ජන්කුක් කියද්දි තේහියොන් ඔලුව වනලා ඊට එකඟ උනා..

" හරි කුකී ~ "

පොද වැස්ස මහ වැස්සක් වෙන්නට කලින් දඩිබිඩි ගාලා තේහියොන් mansion එක ඇතුල දිව ගියා..living room එකේ lights on කරමින් තරප්පු පෙළ දිගේ ඉහලට ඇදුව ඔහු එහෙම්මම ආවේ එයාගෙයි ජන්කුක් ගෙයි කාමරේට..

" ගොඩක් කාලෙකින් ! "

තේහියොන් කාමරේ වටේම ඇස් යවමින් තමන්ටම මුමුණ ගත්තා..

තේහියොන් කාමරේ වටේම ඇස් යවමින් තමන්ටම මුමුණ ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

[ Their room ]

කාමරේ ඇද අසල පිහිටා ඇති විශාල වීදුරුව වසා තිබූ  තිර රෙද්ද එහාට කල ඔහු වීදුරුවෙන් එලියේ පේන garden එක දිහාවට නෙත් යොමු කළත් ඒ කිසිදු දෙයක් පැහැදිලිව පෙනෙන්නට තිබුණේ නැතතේ මහ වැස්සක් ඒ වෙද්දිත් ආරම්භ වී තිබූ නිසයි..ලොකු හුස්මක් පිට කරපු තේහියොන් වැස්ස නිසා වීදුරුවේ බැදිලා තිබුන පින්න අතින් පිහදැම්මා ඒත් තප්පර දහයක් යන්නත් කලින් නැවත වීදුරුව එයින් වසා ගද්දි තේහියොන් තිර රෙද්දෙන් වීදුරු වහලා දාලා Bathroom එක දිහාවට ඇවිදගෙන ගියා..ඒත් එක්කම ජන්කුක් කාමරේ දොර ඇරගෙන ඇතුලට ආවා..

ᴛʜᴇ ʀᴏꜱᴇ ʜɪᴅᴅᴇɴ ɪɴ ᴛʜᴇ ᴅᴇᴠɪʟ'ꜱ ᴀʀᴍꜱ | 𝙑𝙆 | ✓✓Where stories live. Discover now