" තේ... ඔයා මේක බොන්නකෝ එතකොට ඔය ගතිය නැතිවෙලා යයි... "
සේහිගේ කාමරයේ ඇද උඩට වෙලා සේහීගේ උකුලෙන් ඔලුව තියාගෙන ඉන්න තේහියොන් ලගට ලං වුන ජින් අතේ තිබුන ෆෘට් ජූස් එක පෙන්වමින් කතා කලා..
" ඕවා ඕනේ නෑ හියුන්... "
" එහෙම කියලා බෑනේ පුතේ.. ඔයා ඊයේ ආවත් හරි තාම හරියට මුකුත් කාලා නෑනේ.. දැන් තව ටිකකින් අර යක්ෂ පැටියා ඇවිත් ඔයා ඔහොම ඉන්නවා දැක්කොත් අපිට ඉන්න වෙන්නෙත් නැහැ..."
සේහී කිව්වෙ ඇත්ත.. ජන්කුක් උදේම එයාගේ වැඩකට නම්ජුන් යුන්ගි සහ අනෙක් සගයන් සමග පිටත් වුනේ තේහියොන්ට අවදි වන්නටත් පෙර.. ඉතින් ඔහු තමන්ගේ baby ගේ සම්පූර්ණ වගකීම පවරලා ගියේ ජින් සහ සහ මිසිස් ජියෝන් ට...
ඒත් පලවෙනි වතාවට දුර ගමනක් ගියපු තේහියොන් හිටියේ හුගක් මහන්සියෙන්.. විශේෂයෙන්ම ඒ තමයි තේහියොන් flight එකක ගමනක් ගිය පළමු වතාව.. ඒ නිසාම ඔහුගේ තත්වය ඒ තරම් යහපත් වෙලා තිබුනේ නැහැ.. ඒ විතරක් නෙවෙයි ඒකට ඩුබායි වල කාලගුණයත් බලපෑවා.. මොකද කොරියාවට වඩා හාත්පසින්ම වෙනස් පරිසරයක් තමයි ඩුබායි කියන්නේ...
" ආ ජින් හියුන් අපි මේ රට ඉඳි ගෙනාවා.. මේවා හෙන ගුණයි.. Felix තමයි කිව්වෙ... "
කාමරය ඇතුලට කෑ ගහගෙන ආව ජිමින් අතේ තියෙන සුදුපාට බෝල් එක්ක පිරෙන්න තිබුන රට ඉඳි තොගය පෙන්නලා කිව්වා...
" අනේ බලන්න ඉතින් ඒ පොඩි දෙන්නත් මහන්සි වෙලා.. බෙයා නැගිටලා මේ ටිකක් කන්න කෝ... "
සේහී එයාගේ උකුල උඩින් ඔලුව තියාගෙන ඉන්න තේහියොන් ගේ හිස පිරිමදිමින් කියද්දි ඇය දිහා බැලුව පුංචි කොල්ලා මූණත් බෙරි කරගෙන බෑ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා...
" ර-ට ඉඳි ව්-වලට මං ආස න්-නෑ.. "
තේහියොන් කියද්දි ජිමින් ෆෙලික්ස් හට රැව්වේ දැන් ඉතින් ආයේ මොනා හරි හොයාගෙන වරෙන් කියන්න වගේ..
" ඇත්තට ? අපේ ජන්කුක්නම් ඕවා කයි මුලු දවසෙම හරි... "
සේහී හිනාවෙවි කියද්දි ජිනුත් ඒකට හරියන්න හිනාවුනා...
YOU ARE READING
ᴛʜᴇ ʀᴏꜱᴇ ʜɪᴅᴅᴇɴ ɪɴ ᴛʜᴇ ᴅᴇᴠɪʟ'ꜱ ᴀʀᴍꜱ | 𝙑𝙆 | ✓✓
Fanfiction" ම්-මං ඔයා-ගේ ක්-කවුද ජ-න්කූ..." Taehyung තමන්ගේ නළල jungkook ගේ නළල මතින් තියලා තද කරද්දි jungkook Taehyung ගේ කම්මුල් දිගේ පහළට වැටෙන කදුළු කැට මහපට ඇඟිල්ලෙන් පිසදැම්මේ නැවත Taehyung ගේ හිස් මුදුනින් ආදරණීය හාදුවක්ද තබමින්... " ආයේ කවුරු හරි bab...