" මොකද ඕයි තමුසේ සක බඹරේ වගේ කැරකෙන්නේ ?? ඉන්නවකෝ එක තැනකට වෙලා !! "
සෙලේනා කෑ ගැහුවේ ලීසා ඇය ඉදිරියේ එහාට මෙහාට ඇවිදින එක ගැන ඇතිවුන තරහව නිසා...
" තමුසේ කට වහගෙන ඉන්නවා !! ඔයාට ඇහුනද ?? මේ ගෙදර තව කවුරුහරි ඉන්නවා කියලා එයා කිව්වා.. ඒත්--ඒත් අන්කල් කිම් කිව්වේ ජන්කුකී තනියම ඉන්නවා කියලනේ?? "
ලීසා තොලුත් ඉදිරියට දිගු කරමින් දුකින් කියද්දී සෝෆා එකේ දිගා වෙලා හිටිය සෙලේනා ඇස් රෝල් කරලා සෝෆා එකෙන් වාඩි උනා...
" ඉතින් ඕයි අපිට මොකද?? ඒ කොල්ලාගේ ගෙදර නේ ඒකාට ඕන උන්ව ඌ තියාගත්තාම අපිට පාන්ද...?? "
නොරිස්සුම් බැල්මක් ලීසා වෙතට හෙලූ සෙලේනා එසේ පවසමින් කවුච් එකෙන් නැගිටින්න හැදුවත් ඇයි එහෙම්මම ඉන්ද උනා...කටත් ඇරගෙන ඇසුත් ලොකු කරන් උඩමහලට යන පඩිපෙල දෙස එක එල්ලේ බලන් ඉන්න සෙලේනාව දැක්කාම ලීසාටත් නිකංම වගේ ඒ පැත්තට ඇස් යැව්නේ සෙලේනා මෙච්චර පුදුම වෙන්න තරම් මොනාද ඒ පැත්තේ තියෙන්නේ කියලා බලන්න හිතුන නිසයි...
" Woah !! Who is this pretty boy ?!! "
සෙලේනාගේ කටින් එලෙස පිට උනේ උඩ මහලේ ඉදන් පඩියෙන් පඩියට හිමින් හිමින් අඩි තිය තිය ඒ තරුකැට වගේ බෝල ඇස් දෙකත් ලොකු කරගෙන පුංචි රෝස පාට තොල් දෙකත් උල් කරන් තමන්ගේ ඉදිරියේ ඉන්න තරුණියෝ දෙන්නා දිහා බලාගෙනම පහලට එන තේහියුන්ව දැකලයි...
අනේ මගේ දෙයියෝ!! කවුද යකෝ මේ?? දිව්‍යලෝකේ ඉදන් පිණ්ඩපාතෙට මනුස්ස ලෝකෙට වැඩිය දෙයියෙක් වගේ නේ යකෝ!! බුදු අම්මෝ!!
සෙලේනා හිතින් හිතන ගමන් කවුච් එකෙන් නැගිටලා තේහියුන් ලගට ගියා...ලීසා නම් හිටියේ ෆුල් ශොක් වෙලා...
" Hi !! "
සෙලේනා තේහියුන්ට ඇයගේ අත දිගු කරමින් සැරසුනේ ඇයව ඔහුට හදුන්වා දෙන්නයි...
"H--H--Hii "
තේහියුන් බයෙන් වගේම පුදුමෙන් ඇයත් එක්ක කතා කලා...ඒ වගේම තේහියුන්ගේ ඔලුවේ මේ වෙලාවේ කැරකෙන ලොකූම ප්‍රශ්නේ කෙල්ලෝ දෙන්නෙක් මොනාද මෙහෙ කරන්නේ කියන එකයි...අනික් අතින් තේහියුන් බය උනේ එයාගේ Devil එයාට එලියට යන්න එපා කියලා තියෙද්දිත් තමන් එලියට ආව එක ගැනයි...
YOU ARE READING
ᴛʜᴇ ʀᴏꜱᴇ ʜɪᴅᴅᴇɴ ɪɴ ᴛʜᴇ ᴅᴇᴠɪʟ'ꜱ ᴀʀᴍꜱ | 𝙑𝙆 | ✓✓
Fanfiction" ම්-මං ඔයා-ගේ ක්-කවුද ජ-න්කූ..." Taehyung තමන්ගේ නළල jungkook ගේ නළල මතින් තියලා තද කරද්දි jungkook Taehyung ගේ කම්මුල් දිගේ පහළට වැටෙන කදුළු කැට මහපට ඇඟිල්ලෙන් පිසදැම්මේ නැවත Taehyung ගේ හිස් මුදුනින් ආදරණීය හාදුවක්ද තබමින්... " ආයේ කවුරු හරි bab...