𝗟𝗔𝗦𝗧 𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥

7K 598 703
                                    

A/N එකත් අනිවාර්යයෙන්ම කියවන්න ලමයි...නැත්තං උඹලා ඕක මිස් කරලා යනවා...

ම්හුක් අපි දෙන්නා හරි අමාරුවෙන් රගපෑවේ ඒකත් කියවපිය...

තව එකම එක දෙයක්... මෙච්චර දවසක් කතාව කියෙව්ව කමෙන්ට් නොකරපු කෙල්ලනේ...ඇන්ඩ් කම්ප්ලීට් වුනාට පස්සේ කතාව කියවන කෙල්ලනේ අන්තිම චැපියට හරි මොනවා හරි දෙසලා යන්න මෙයාලා...

_____________________________

Dug !

Dug !

ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සමකාමී වටපිටාවක් හිමි ජනගහනය අඩු පැත්තක පිහිටා තිබුණු Mr and Mr Jeon's Home එක පැත්තෙන් ඒ ඇහුනේ සද්දෙට වැහෙන වාහන දොර පියන් දෙකක හඩ...

සුදු පැහැයෙන් දිදුලන ගේ ඉස්සරහම නවත්තලා තිබුණු වාහනයෙන් එලිය බැස්ස අඩි හයක් උස ජිම් කාලා හදාගත්තු ඇගක් තියන තනි කලු ෆුල් සූට් එකක් ඇදගත්තු පිරිමි පුද්ගලයෙක් වාහනේ රෝදෙට පයින් පාරකුත් ගහගෙන ගේ ඇතුලට යනකොට අනිත් පැත්තෙන් බැස්ස අඩි තුනක් හතරක් විතර උස තනි කලු ඩෙනිමට තනි කලු ටී ශර්ට් එකක් ඇදලා ඒ උඩින් දුඹුරු පාට ජැකට් එකක් ඇදලා හිටිය හයේ හතේ කියලා හිතන්න පුලුවන් ඇට්ටර කොලු ගැටයෙකුත් අර මනුස්සයා කලා වගේම වාහනේ රෝදෙට පයින් ගහගෙන ගේ ඇතුලට ගියා...

" Baby ! Baby ! "

" මමා ! මමා ! "

දිග සෝෆා එක දෙපැත්තේ තිබුණු තනි සෝෆා වල ඉදගත්තු පිරිමි පුද්ගලයා වගේම කොලු ගැටයා එකම වෙලාවේ එකම කෙනකුට නම් දෙකකින් කතා කලා... ඒ හඩින් පස්සේ මුලු ගෙදරම තිබුනේ හිතාගන්න වත් බැරි තරම් නිහැඩියාවක් වෙනකොට... උඩ තට්ටුවෙන් ඇහෙන සිඟිති හිනා හඩවල් වගේම සාලේ පුරාම ඇහෙන පුංචි පුංචි සීනු හිනා හඩවල් වගේම පුංචි අඩි සද්ද එක්ක ඒ මුලු ගෙදරම තිබුනි හිතාගන්න බැරි තරම් අමුතු කෝල කමක්... හිතන්නකෝ කේන්තියෙන් රතුවෙලා ඉන්න යක්ශයෝ දෙන්නෙක් වට කරගෙන පුංචි හා පැටව් ටිකක් සෙල්ලම් කරනවා කියලා..අන්න ඒ වගේ දෙයක් තමයි දැන් වෙලා තියෙන්නේ...

" ඔප්පා..දැදා ඇයි අලේ ගොලෝ බායියෙක් වගේ ඉන්නේ? "

සාලේ බිත්ති දෙකක්ම හැදිලා තිබුනේ විශාල ජනෙල් වලින් වෙනකොට ලා නිල් පාට ජනෙල් තිර රෙද්දක් අස්සේ හැංගිලා ඉන්න පුංචි මල් පොහොට්ටු දෙකක් කාටත් ඇහෙන්න නැති වෙන්න රහස් කතා බහක උන්නා...

ᴛʜᴇ ʀᴏꜱᴇ ʜɪᴅᴅᴇɴ ɪɴ ᴛʜᴇ ᴅᴇᴠɪʟ'ꜱ ᴀʀᴍꜱ | 𝙑𝙆 | ✓✓Where stories live. Discover now