𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 21

6K 684 304
                                    

" අප්පා...එයා Gay කිව්වා.. අනේ ඩැඩා මට එයාව ඕනේ...ප්ලීස් ඩැඩා මට ජන්කුක්ව ගෙනත් දෙන්න !! "

ලීසා කෑ ගගහා අඩන ගමන් තමන්ගේ තාත්තගේ පපුවේ මූණ හංගත්තේ හිතට දැනෙන දුක ටිකකට හරි ඒ පපු තුරුලේ නැති වෙන නිසා.. මොන ප්‍රශ්නේ ආවත් අන්තිමට දුවෙක් එන්නේ තමන්ගේ තාත්තා ළගට.. හරියට ලීසා වගේ... පුංචි කාලේ ඉදලම අතට පයට හැමදේම හම්බවුන ඉතාමත් සැප පහසු දිවියක් ගෙවපු කෙනෙක් තමයි ලීසා කියන්නේ..

ලීසාගේ තාත්තා Derick Manoban එයා කියන ඕනෙම දෙයක් එක පාරින්ම ඒ කකුල් දෙක ලගට ගෙනත් දුන්නා.. ඔහු ඒ තරම්ම තමන්ගේ පුංචි දුවට ආදරෙයි.. කුමාරිකාවක් වගේ හැදී වැඩුණු ලීසට අද වෙනකම් කිසිම දෙයක් දෙපාරක් ඉල්ලන්න වෙලා නෑ.. කියන සැනින් එයාගේ තාත්තා එයාට හැමදේම දුන්නා..

ඒත් ජීවිතේ පලවෙනි වතාවට.. පලවෙනි වතාවට ලීසාට තමන් ආස දෙයක් දෙපාරක්ම නැති වුනා.. ඒ තමයි ජන්කුක්.. ජියෝන් ජන්කුක්..

ලීසාගේ හිතේ ජන්කුක් ගැන ආකර්ෂණයක් ඇති වුනේ එයා යුනිවර්සිටි ආව පලවෙනි දවසේ ඉදලා.. එතකොට ජන්කුක්ත් පලවෙනි වසරේ ශිෂ්‍යයෙක්.. ඒ කාලේ ඉදලම හැමෝගෙම අවධානය හිමි වුනේ ජන්කුක් වෙතටයි..

ඉතින් හැම කෙල්ලෙක්ම වගේ ලීසාත් ඉබේම ජන්කුක්ට පිස්සු වැටුණා.. හැබැයි අනිත් කෙල්ලන්ට ජන්කුක් කියන්නේ ක්‍රශ් එක වුනා ලීසාට ජන්කුක් කියන්නේ ඩ්‍රග් එකක් වගේ.. ලීසාගේ මුලු කාමරේම පිරිලා තිබුනේ ජන්කුක්ගේ ෆෙටෝස් වලින්.. ෆෝන් එකේත් හැමතැනම ජන්කූක් එයාගේ Note book වල පවා ජන්කුක්ගේ නම හරිම ලස්සනට ලියවිලා තිබුනා..

ඉතින් ලීසාට එච්චර ලේසියෙන් ජන්කුක්ය අත්හරින්න බැරි වුනා.. ජන්කුක් ජෙනීව මැරි කරනවා කියලා දැනගත්තාම ලීසා තමන්ගේ ජීවිතය නැති කරන්න පවා උත්සාහ කලා.. ඒත් ඒ කසාදේ නතර වුනාම ලීසා තරම් මේ ලෝකේ කිසිම කෙනෙක් සතුටු වෙන්නේ නැති වෙන්න ඇති...

" ශ්ශ්ශ්.. Calm Down My Baby... ඩැඩා ඉන්නවනේ.. මම ඔයාට ඔයාගේ ජන්කුක්ව ගෙනත් දෙන්නම්.. මම පොරොන්දු වෙනවා.. "

ඩෙරික් තමන්ගේ දුවගේ හිස පිරිමදිමින් ඒ හිස් මුදුනින් තමන්ගේ තොල් තද කරන ගමන් කියද්දි ලීසා තව තවත් ඒ තුරුලේ ගුලි වුනා...

ᴛʜᴇ ʀᴏꜱᴇ ʜɪᴅᴅᴇɴ ɪɴ ᴛʜᴇ ᴅᴇᴠɪʟ'ꜱ ᴀʀᴍꜱ | 𝙑𝙆 | ✓✓Where stories live. Discover now