𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 20

5.9K 629 348
                                    

අලුත් දවසක ආරම්භයක්... අලුත් වුන කදුලු එක්ක මලානික දෑස් වලින් තේහියොන් නැගෙන ඉර දෙස බලා සිටියා... උදේම ජන්කුක් මෙන්ශන් එකෙන් පිටත් වූ නිසා ඒ හිතට පුංචි සැනසීමක් දැනුනා.. ඒත් ඒ සැනසීම පැය කිහිපයකට සීමා වූවක් බව ඔහු දැන සිටියා...

ජන්කුක් පොරවලා ගියපු ඩුවට් එක අස්සේ තවත් ගුලි වෙන ගමන් ජනෙලෙන් එහා පැත්තේ පේන කුරුළු රංචුව දිහා තේහියොන් ඔහේ බලාගෙන හිටියා.. මීට සතියකට කලින් තේහියොන් කියන්නෙත් හරියට පුංචි කුරුල්ලෙක් වගේ... රෝස් ජෙනී හෝබී බොගම්.. මේ අය එක්ක හරි හරියට හුරතල් වෙවී කාලේ ගෙවපු ඒ පුංචි කුරුල්ලා අද ජන්කුක් කියන රාක්ශයාගේ ගෙදර කූඩු වෙලා ඉන්නවා.. ඒකත් නොකරපු වැරැද්දකට..

මේක මගේ ලැබීම.. ඇස් කොන් වලට පිරෙන කදුලු කැට ඇගිලි තුඩු වලින් පිහිදාගනිමින් ඒ හිත ජන්කුක්ව නිර්දෝෂී කරන්න උත්සාහ දැරුවා...

.
.
.
.
.

At - 7 Coffee Shop Seoul

ශිට් දැන් මම මේක ඇතුලට යන්නම ඕනෙද ?? ඇයි යකෝ සම්චොන්ට අතපය තියාගෙන පැත්තකට වෙලා ඉන්න බැරි ?? එක ගෑණියෙක්ට පස්සේ තවත් ගෑණියෙක්ව මගේ ඇගේ ගහන්න හදන්නේ ?? ජන්කුක් එලෙස හිතමින් ඔහු ඉදිරියේ තිබුන Coffee Shop එක දෙස බලා සිටියා...ලොකු හුස්මක් පිට කරලා තමන්ගේ ඇදුම පොඩ්ඩක් හදාගෙන ජන්කුක් එහි ඇතුලට ගොස් ෆෝන් එකෙන් කාටහරි ඇමතුමක් ගත්තා..

" හෙලෝ !! මම ඇවිත් ඉන්නේ !! "

.........

" ම්ම්ම් හරි "

ඇමතුමෙන් පසුව ෆෝන් එක සාක්කුවේ දාගත්ත ජන්කුක් Shop එක පුරා දෑස් ගෙන ගියේ එක රුවක් බලාපොරොත්තුවෙන්...

" ජන්කුක් !! "

ඈත සිටි තරුණියක් ඔහු වෙත අත වනමින් ඇය සිටින දෙසට එන්නට කියා අතින් සන් කරමින් කතා කරද්දී ජන්කූක් ඇය සිටින දෙසට ගමන් ගත්තා..

" Hi !!! "

ඔහු තමන් අසලට පැමිණි විගස තරුණිය නැගිට ඔහුට අත දිගු කලා..

" Hello !! "

ඇගේ අත අල්ලා ගෙන එලෙස පැවසූ ඔහු එය අතහැර ඇය ඉදිරියේ තිබුන පුටුවෙන් වාඩි වුනා... ජන්කුක් ඇය දෙස ඉතා ඕනෑකමින් බලා සිටියා.. ලස්සනයි ඔව් ඔහු ඉදිරියේ සිටියේ ඉතාම සුන්දර ඒ වගේම හුරුබුහුටි තරුණියක්.. ඒ වෙන කවුරුත් නෙවෙයි Lalisa Manoban... උරහිසට වෙන්නට දිගට වැවී ඇති කලු කොණ්ඩයා කඩා දමා තිබු අතර නලළ අසලට වෙන්න ඉදිරියෙන් ඒ කොණ්ඩයා කපා තිබුනා.. ලා රතූ පැහැති තොල් ආලේපන වලින් හැඩ වූ හීන් දෙතොල් යුගල.. ඇස් ආලේපන වලින් හැඩ වුන දිලිසෙන ඇස්.. පවුඩර් කලින් රතූවුන කම්මුල්.. ආලේපන වලින් හැඩ වූ දිගු නියපොතු ඇදුමට ගැලපෙන චාම් ආභරණ.. කලු සහ නිල් වලින් නිමවුන දණහිස ලගට කොට ගවුම.

ᴛʜᴇ ʀᴏꜱᴇ ʜɪᴅᴅᴇɴ ɪɴ ᴛʜᴇ ᴅᴇᴠɪʟ'ꜱ ᴀʀᴍꜱ | 𝙑𝙆 | ✓✓Where stories live. Discover now