" කුකී ~ "
තේහියොන් කතා කලේ එක දිකටම ඉස්සරහ බලාගත්ත අතේ බලාගෙන ඩ්‍රයිව් කරන ගමන් කල්පනා ලෝකේ ගිලිලා ඉන්න ජන්කුක්ට....තේහියොන් කතා කලත් ඒ දේවල් ජන්කුක් ට ඇහුනේ නෑ..ඔහු තවමත් හිටියේ බර කල්පනාවක..ඔවුන් ගමන් කලේ රූස්ස ගස් වලින් මග දෙපස සැරසුන පාළු තාර පාරක..රූස්ස ගස් අතරින් ලාවට පොලවට වැටුණ හඳ එලියෙන් විතරක් එලිය වෙලා තිබුණ තාර පාර මහ මූසල කමකින් පිරිලා ගිහින් තිබුණා..
තේහියොන් ගේ හිතේ අමුතු නොසන්සුන් බවක් ඇති වෙන්න හේතුව ඒ නිසා වෙන්නට ඇති කියලා ඔහු හිතුවා...ඒත් තේහියොන් එය වැඩිය හිතන්න ගියේ නෑ..." කූ ~ "
තේහියොන් ජන්කුක් ගේ උරහිසට ඔලුව බර කරගෙන ඔහුගේ අත් බාහුවකින් අත් තද කරගෙන සුසුමක් පහත දමමින් මුමුණද්දි මොනවදෝ කල්පනා කරමින් සිටි ජන්කුක් ඔලුව හරවලා තේහියොන් දිහා බැලුවා..
" කොයිද අනේ අපි මේ යන්නේ?? "
ජන්කුක් ගේ උරහිසින් නිකට තියාගත්ත තේහියොක් තොල් ඉදිරියට උල් කරගෙන ඇස් බෝල කරන් අහද්දි ජන්කුක් ජන්කුක් ඔලුව දෙපැත්තට වැනුවා..
" දන්නේ නෑ ~ "
ජන්කුක් ගේ උත්තරේ එක්ක තේහියොන් ගේ මුව අග හුරතල් හිනාවක් මැව්නා..ඔහු තව ටිකක් තදින් ජන්කුක් ගේ අත බදාගෙන ඔහු දිහා හරි අසාවෙන් බලාගෙන හිටියා..තේහියොන් තමන් දිහා එක දිගටම බලන් ඉන්න එක ජන්කුක් ට අපහසුවක් වුන නිසා ඔහු ඇහිබැමි එකට යා කරගෙන නපුරු බැල්මක් රෝසමල වෙතට හෙළුවා..
" මොකද...?? "
" මගේ bunny hubby කොච්චර Handsome ද කියලා බැලුවේ මං..."
තේහියොන් කිව්ව කතාවත් එක්ක මූණ ටිකක් රතු කරගත්ත ජන්කුක් ට නොදැනිම හිනාවක් ගියා..කා' එක පාර අයිනකට කරලා නැවැත්තුව ඔහු සම්පූර්ණයෙන්ම තේහියොන් ගේ පැත්ත හැරුනාම තේහියොන් ජන්කුක් ගේ උකුලට ඇවිත් හරිබරි ගැහිලා වාඩි උනා..
" අපි කොහෙ හරි යමු කෝ ~ "
ජන්කුක් ගේ කම්මුලක් මතින් තොල් තියලා තද කෙරුව තේහියොන් ඒ කම්මුල මෘදුව පිරිමදින ගමන් ජන්කුක් ගෙන් අහද්දි ජන්කුක්ගේ ඇහිබැමි නැවත වරක් එකට යා උනා..
YOU ARE READING
ᴛʜᴇ ʀᴏꜱᴇ ʜɪᴅᴅᴇɴ ɪɴ ᴛʜᴇ ᴅᴇᴠɪʟ'ꜱ ᴀʀᴍꜱ | 𝙑𝙆 | ✓✓
Fanfiction" ම්-මං ඔයා-ගේ ක්-කවුද ජ-න්කූ..." Taehyung තමන්ගේ නළල jungkook ගේ නළල මතින් තියලා තද කරද්දි jungkook Taehyung ගේ කම්මුල් දිගේ පහළට වැටෙන කදුළු කැට මහපට ඇඟිල්ලෙන් පිසදැම්මේ නැවත Taehyung ගේ හිස් මුදුනින් ආදරණීය හාදුවක්ද තබමින්... " ආයේ කවුරු හරි bab...