𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 55

4.7K 549 300
                                    

" ජ්-ජූන් එහෙම කරන්න බෑ !! Please මේ දරුවා පව් නැද්ද ? "

Living Room එක මැද තිබුණ සුව පහසු සෝෆා එකේ වාඩි වෙලා හිටිය ජින් තමන්ගේ අත් අතර සුව නින්දක පසු වන පුංචි දරු පැටියාව පපුවට තුරුළු කරගන්න ගමන් විමසුවේ තමන්ට පිටුපාලා තරහින් හුස්ම ගන්න නම්ජූන් ගෙන්..

" කරුණාකරලා හෙට උදේ වෙද්දිම ගිහින් ඔය ලමයව orphanage එකකට බාර දෙනවා මට ආයේ කියන්න තියන්න එපා ! "

ජින් ගේ අත් අතර ඉන්න පුංචි පැටියා දිහාවට දබරැඟිල්ල දික් කරගෙන නම්ජූන් කෑ ගහද්දි තද නින්දක හිටිය අවුරුද්දක් පමණ වයසැති පුංචි පැටියා ගැස්සිලා ගිහින් ඇහැරුණා.. අඬන්නට වගේ තොල් නොපිටට පෙරලගත් ඔහු නම්ජූන් දිහා බලාගෙන හිටියා..එ් පුංචි දිලිසෙන ඇස් දැක්කාම නම් ජූන් ගේ හදවතට ලොකු වේදනාවක් දැනුනා..

" බෑ ජූන් මට බෑ !! මං එහෙම පව්කාර වැඩක් නම් කොහොමටවත්ම කරන්නේ නෑ...මේ මගේ දරුවා !!! "

සෝෆා එකෙන් නැගිට්ට ජින් හැඬුම්බර හඬකින් ආපිට නම්ජූන් ට කෑ ගහද්දි පුංචි පැටියා කෑ ගහලා අඬන්න පටන් ගත්තා..ඇගිලි තුඩු වලින් තමන්ගේම නළල පිරිමැද ගන්න ගමන් නම්ජූන් එහාට මෙහාට ඇවිදින ගමන් කල්පනා කරන්න ගත්තා..

" කමක් නෑ ජූන් ~ "

ඇස් වල කදුළු එක අතකින් පිහද ගන්න ගමන් ජින් කියද්දි පුංචි පැටියා ගේ හැඬුම අතරින්ම ඒ වචන වලට ඇහුම්කන් දුන්න නම්ජූන් ගේ ඇහිබැමි එකට යා උනා..

" මොකක්ද ?? "

" ඔයාට මේ ළමයා කුණු ගොඩක් වෙන්න ඇති ඒත් මට එහෙම නෑ..."

" මං දැන් තමුසෙට එහෙම දෙයක් කිව්වේ නෑ ජිනී !! "

" ඒත් ඔයා හිතන්නෙ එහෙම නේ ? "

" මොකක්ද කියන්න හදන්නේ තමුසේ ආ ?? මේ කොහෙවත් ඉන්න ලමයෙ---- "

" මේ කොහෙවත් ඉන්න ළමයෙක් නෙවෙයි namjoon මේ මගේ දරුවා.. "

" හහ් මරු විහිළුව ! "

සමච්චලයට මෙන් හිනා වුන නම්ජූන් ආයෙත් අහක බලාගෙන දත්මිටි කෑවා..ජින් ට නම්ජූන් ගේ මේ හැසිරීම ගැන පුදුමයි මොකද නම්ජූන් කියන්නේ පුංචි දරුවන්ට ගොඩක් ආදරේ කරන කෙනෙක්..නම්ජූන් ගේ හිතේ මේ දරුවා ගැන අඩුම තරමේ අනුකම්පාවක්වත් ඇති නොවෙන්නේ ඇයි කියලා ජින්ට තේරුම් ගන්න බෑ..අනික් අතින් නම්ජූන් ට තරහා මේ දරුවා කාගෙද කියලා ඔහු හොදටම දන්න නිසයි..ඒ දරුවා ගේ අතේ වැරැද්දක් නැති වුනත් ඒ පුංචි පැටියා ගේ ඇඟේ දුවන්නෙත් ඒ තිරිසනා ගේ ලේ මයි නේද කියලා මතක් වෙද්දි නම්ජූන් ගේ මුලු ඇගම තරහින් වෙව්ලන්න ගත්තා..

ᴛʜᴇ ʀᴏꜱᴇ ʜɪᴅᴅᴇɴ ɪɴ ᴛʜᴇ ᴅᴇᴠɪʟ'ꜱ ᴀʀᴍꜱ | 𝙑𝙆 | ✓✓Where stories live. Discover now