" මට යන්න දෙනවා!! එහාට යනවා මෝඩ තඩියා..."
" Please sir මේ මිස්ව එකක්ගෙන යන්න සර් මේ වෙලාව කාවවත්ම හම්බවෙන්න කැමති නෑ..."
" ආච්චිගේ රෙද්ද තමයි!! බෝගමී එහාට යන්න ඔයා..."
" බබා අපි යමු මෙතනින්..."
පැය බාගයක් විතර තිස්සේ රෝස් බෝගම් එක්ක ජන්කුක්ගේ ගෙදර ගේට් එක ඉස්සරහට වෙලා ජන්කුක්ගේ ආරක්ෂකයන් එක්ක රණ්ඩු කරන්නේ ජන්කුක් ව හම්බවෙන්න තියෙන දැඩි උවමනාව නිසයි...තේහියුන් ගැන පොඩි හරි දෙයක් ජන්කුක් දැනගන්නම ඕන කියලා රෝස් දන්නවා ඒක නිසාමයි රෝස් උගුරු දණ්ඩ කඩාගෙන කෑ ගහන්නේ...
" මේ තමුසේගේ මහ ලොකු ජන්කුක් ට කතා කරනවා මට ඉක්මනට එයාව හම්බවෙන්න ඕනේ..මේ දැන්මම!!!! "
රෝස් ස්ථිර හඩකින් කියද්දි එක ගාඩ් කෙනෙක් අනික් කෙනාගේ මූණ දිහා බලලා ඔහුගේ දුරකථනය අතට ගත්තා...
" කතා කරනවා කතා කරනවා මාත් මෙච්චර වෙලා කිව්වේ ඕක තමයි...කලින් කරානම් ඉවරයි නේ මගේ වොයිස් එකත් අව්ට් ගියා ශිට්!!! "
රෝස් ඇයගේ උගුර අතගාමින් ඇස් අගින් බෝගම් දිහා බලාගෙන මිමිණුවාම ගාඩ්ස් ලා දෙන්නයි බෝගමුයි ඇහිබැමක් උස්සලා රෝස් දිහා බැලුවා...
" ඉක්මනට ගන්නවා..."
ඔහු කෝල් එක අරන් ටිකක් එහාට මෙහාට යද්දි රෝසුත් ඒ මනුස්සයාගේ පස්සෙන් නැට්ට වගේ යන්න ගත්තේ *මූ ඇත්තටම ජන්කුක් ට කතා කරයිද...* කියලා හිතමින්...
" Okay sir!! "
ඔහු දුරකථනය කලිසම් සාක්කුවේ දමාගනිමින් රෝස් දෙසට හැරුණා...
" Sir ඇතුලට එන්න කිව්වා..."
ගේට්ටුවේ එක් දොරක් අරිමින් ඔහු පැවසනවාත් සමගම රෝස් ,
" මං කිව්වා තඩියාට මෙතන කෙහෙවලු පටලව ගන්නේ නැතුව කලින්ම කතා කලානම් ඉවරනේ..."
" දැන්වත් යනවද කච කචේ නවත්තලා..."
ගාඩ් රෝස් ට රවන ගමන් කියද්දී බෝගම් බලෙන්ම රෝස්ව ගේට් එකෙන් ඇතූලට තල්ලු කලා...
" හුම් ඌගේ කට වැඩී!!! "
" මෙන්න මෙහේ එනවා යන්න..."
YOU ARE READING
ᴛʜᴇ ʀᴏꜱᴇ ʜɪᴅᴅᴇɴ ɪɴ ᴛʜᴇ ᴅᴇᴠɪʟ'ꜱ ᴀʀᴍꜱ | 𝙑𝙆 | ✓✓
Fanfiction" ම්-මං ඔයා-ගේ ක්-කවුද ජ-න්කූ..." Taehyung තමන්ගේ නළල jungkook ගේ නළල මතින් තියලා තද කරද්දි jungkook Taehyung ගේ කම්මුල් දිගේ පහළට වැටෙන කදුළු කැට මහපට ඇඟිල්ලෙන් පිසදැම්මේ නැවත Taehyung ගේ හිස් මුදුනින් ආදරණීය හාදුවක්ද තබමින්... " ආයේ කවුරු හරි bab...